spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බැසිල් රාජපක්ෂලාට බොරළු ඇද්ද සමන්තටත් දැන් තට්ටු පහේ සුපිරි හෝටලයක් ?

Must read

DSC00134මීගමුව කුරණ පිහිටා ඇති ග්‍රැන්ඩිසා නම් සුපිරි හෝටලයේ හිමිකාරයන්ගේ ලයිස්තුවේ  බැසිල් රාජපක්ෂලාට බොරළු ඇද්ද සමන්ත නොහොත් බොරළු සමනතද සිටින  බව අප අවස්ථා කිපයකදිම හෙළිකලෙමු.
මේ පුවත අප විසින් පළමුව පළකළ දිනයේ උදෑසනක අප අමතා කථා කළ ග්‍රැන්ඩිසා හෝටලයේ ප්‍රකාශිත හිමිකරුවා ලෙසින් පෙනි සිටින ඩන්ස්ටන් ගොළුහේවා මහතා කියා සිටියේ ග්‍රැන්ඩිසා හෝටලයට බොරළු සමන්තගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ මෙම හෝටලය තමන් සහ තමන්ගේ පුතා විසින පවත්වාගෙන යන බවය.(එහෙත් එවන විටත් අපට ලැබුන තොරතුරු වලට අනුව එහි සියළු ඉදිකිරිම් කටයුතු මෙන්ම සේවකයන් පිළිබද ගැටළු සියල්ලද අධික්ෂණය කරමින් සිටියේ බොරළු සමන්ත විසින් බවය.)
එහෙත් මේ හෝටලයේ ඇත්ත හිමිකරුවන් කව්දැයි දැන් ප්‍රසිද්ධියට  පත්ව තිබේ.ඒ බැව් හෙළිවන්නේ මෙම හෝටලයේ හිමිකරුවන්ගේ කොම්පැණියේ නම විග්‍රහ කර බලන විටදිය.එහි සදහන් වන්නේ
DSN holding international pvt ltd යනුවෙනි
D යනු ඩන්ස්ටන්ය
S සමන්තය
N යනු නිමල් ලංසාය.
ග්‍රැන්ඩිසා නම්වු පස්මහල් සුපිරි හෝටලයේ ඇති හිමිකරුවන් වන්නේ මේ තිදෙනාය.???????
තමන්ටම යැයි කියා ට්‍රැක්ටරයක්වත් නැතිව සිටි සමන්ත නැමැත්තා බැසිල් රාජපක්ෂලාටත් නිමල් ලංසාටත් බොරළු ඇද දැන් ප්‍රකෝටිපතියෙකු වි සිටි.
පැනමාවේ රාජපක්ෂලාගේ වත්කම් ගැන හෙළිදරව් වෙද්දි මීගමුවේ ඇති මෙවැන් සුපිරි වත්කම් ගැනද මහජනයාගේ නිරන්තර අවධානයට ගෙනඒමට අප වෙබ් අඩවිය කටයුතු කළෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article