බිච් පාක් එකත් නෑ ! සම්බන්කරණ කමිටුවත් නෑ !ඡන්දේ මැයි 06.?

0
86

මිගමුවටත් රටටත් තිරාණාත්මක මැතිවරණයක් මැයි 6 වෙනිදට යෙදිල.

හැබැයි මිගමුවට අදාලව පසුගිය මාස 5 දිහා බලපුවාම හරිම පැහැදිලිය තුනෙන් දෙකේ බලයක් සහිත පුනරුද ආණ්ඩුවට මිගමුව සම්බන්ධයෙන් කිසිම වැදගත් දෙයක් කරන්න බැරිවුනා කියල.කොටින්ම කියනවනම් විසිල් විතරමයි බල්ටි ඇත්තේම නෑ.IMG 20250307 WA0066

බිච් පාක් එක ගැන මිගමුව ගැන ඡන්ද වලට කලින් දුන්න ලොකු ටොක් කිසිම දෙයක් කරගන්න බැරිවෙලා.

බිච්පාක් එක පවුලක පාලනයෙන් ගලව ගන්න ඉහලින්  ඡන්ද දෙකකුත් දිනපු  දේශපාලන බලවේගයකට බැරිවුනා කියන්නේ නම්  පට්ටම  ⁣ෆේල් කියන එක මිසක් වෙන මුකුත්ම නෙමේ.

මිගමුවේ මාලිමා ලයිස්තුව ලංසා පවුලට කෙලින් හිටගෙන ගේම ඉල්ලපු හෙටත් ගේම ඉල්ලන්න ලෑස්ති  එකයි ඉන්නේ.ඒ සංගීත්.මිගමුවේ ඡන්දෙවත් නැති රොබට් හීන්කෙන්දට සංගිත් එක්ක හැරෙන්නවත් බෑ.

ජවිපේ ලොක්කා වෙච්ච දුරකතන වලින් මාලිමා සමාජිකයන්ට තග දාන්න සමහර පොරවල් මිගමුව ගැන හරියට දන්නේ නැ.හිතන් ඉන්නව සේරම දන්නවා කියල .

බිච් පාක් ලංසා පවුලෙන් ගලවගන්න බැරිවිම කියන්⁣නේ ඔය ජූඩ් කියන මනුස්සයාගේ වගේම මහින්ද ජයසිංහලගෙත් නොහැකියාව හොඳටම පෙන්නපු අවස්ථාවක්.

වැඩ බැරි උනාට පඩ ෂෝ නම් ගොඩයි.හැබැයි වැඩක් නැ.උද්දච්චකම් ඊටත් එහා.

ලංසා පස්ස පැත්තෙන් හිනාවෙනව ඇති කෝ උඹල අපට කෙරුවද කියල.

ඇත්ත මිගමුවේ නම් මාලිමාව පට්ටම පේල්.රොබට්ල වගේ අය නිසා ඉතුරු ටිකත් ෆේල් කරගන්නව කියන එක තමයි දැන් නම් හිතන්න වෙන්නේ.

එල් .ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here