spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිච් පාක් එකේ මෙවර ටෙන්ඩරය කාටද ?

Must read

beach park8PGමීගමුව මහනගර සභාවට අයත් වඩාත්ම ආන්දෝලනාත්මක ටෙන්ඩරය වන බිච් පාක් එක සදහා 2017 සදහා ටෙන්ඩර කැදවිමට නියමිතය.
එය පසුගිය දශකය පුරාම පාලනය කරනු ලබන්නේ මුළු රටම  දන්නා පරිද ඇමති නිමල් ලංසාගේ පියා විසිනි.
2017 යනු අළුත් තත්වයකි.
දැන් මීගමුව මහනගර  සභාවේ නිමල් ලංසා පවුලේ අය නැත.
පාලනය සිදුවන්නේ පරිපාලන අධිකාරිය විසිනි.
එබැවින් මෙවර ඇත්තේ විවෘත තත්වයකි.
වසරකට රුපියල් කෝටියකටත් වඩා අදායම් ඉපයිය හැකි මෙම ටෙන්ඩරය පසුගිය කාලය පුරාම ඇස්තමේන්තු කෙරුණේ රු ලක්ෂ 12 ක් 13 වැනි සුළු මුදලකටය.
මේ නිසාම දැන් මේ කල්ලි කණ්ඩායම් කිපයක්ම 2017 වසර සදහා මෙය කෙසේ හෝ ලබාගැනිමට විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබේ.
මේ ඇතැම් මෙහෙයුම් පිටපසු එජාපෙ මෙන්ම ශ්‍රිලනිප ආධාරකරුවන් මෙන්ම හිටුප මන්ත්‍රිවරුන්ට සිටින බව දැනටමත් දැනගන්නට තිබේ.
මෙවර නවත්තල පොළේ ටෙන්ඩරය පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර කවින්ද ජයවර්ධනගේ ආධාරකරුවෙකු විසින්  ලබා ගෙන ඇතැයි සැලය.
එතැනින් නොනැවති මේ කණ්ඩායම් තවත් සල්ලි මවන්නට හැකි තැන් ගැන මාන බලමින් සිටිතැයිද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article