බිත්තර වගේද කරවල ??

0
73

 

මිගමුවේ ආර්ථිකය මෙන්ම ජනජිවිතය හා බැඳුන කරවල නිෂ්පාදනයට අදාල ලුණු අඛණ්ඩව සැපයිමට මාලිමාව රජය අපොහොසත් වෙලා.

මාර්තු 26 වනදා නි.ඇමති සුගත් මිගමුවේ කරවල නිෂ්පාදකයන් ගෙන් ඉල්ලල තිබුනේ ලුණු ප්‍රශ්ණය විසදා දිමට දින 10ක් ලබා දෙන්න කියල.

⁣කොහොම වුනත් නියෝජ්‍ය ඇමතිට දින 10කින් මේ ප්‍රශ්ණය විසදන්න පුලුවන් වුනේ නැ.

ඒ විතරක් නෙමේ මේ සාකච්ජාවෙන් පස්සේ දැනට එක සැරයක් විතරයි මිගමුවේ කරවල නිෂ්පාදකයන්ට ලුණු දෙන්න පුලුවන් වුනේ.ඒත් එක්කෙනෙක්ට මිටි 20ගානේ.ඒකත් ලැබුනේ කරවල නිෂ්පාදකයෝ පුද්ගලික ටෙන්ඩර්කරුවෙකු මාර්ගයෙන් ලුණු ගෙන්න ගත්ත හින්ද.

හැබැයි ලුණු බෙදෙන තැනට ඇමති සුගතුත් ඇවිත් හිටියා.මේ ගැන පින්තූරත් එයා ⁣ෆේස් බුක් එකේ දාල තිබුනා.හැබැයි පස්සේ ඒව අයින් කරගෙන තිබුනා .ඒ ඇයි කියල දන්නෙ එයාම තමයි.

කොහොම උනත් ලුණු රටේ බරපතල ප්‍රශ්ණයක්.බිත්තර මිළ අඩු වෙලානේ කියන එකෙන් ලුණු හරි කරවල ප්‍රශ්ණය මගඅරින්න බෑ.

ඒක දැන් රටේ බරපතල ප්‍රශ්ණයක්.මේකට වෙට්ටු දාල බේරෙන්න බැ.
හාල් වැඩේ නාගත්තා වගේ ලුණු වැඩෙත් දැන් ඇනගෙන

මේ ගැන ප්‍රශ්ණ කරපුවම ලුණුත් භාර ඇමතිට මළ පැනල කැත විදියට පාර්ලිමේන්තුවේදි අර ස්වාධීන දමිළ මන්ත්‍රීටත් බැනල තිබුනා.

මිගමුවේ ධිවරයන්ගේ අවශ්‍යතා ගැන මාලිමාවට සැලැස්මක් නෑ කියන එකද මේකෙන් කියැවෙන්නේ.

අනික ධිවරය ගැන මිගමුවේ පිටස්තර නායකයෝ හිතන්නේ නැ කියන එකද මේ ඔප්පු වෙමින් තියෙන්නේ.

ඒ හින්දද ධිවර අත්දැකිම් සහිත ධිවර පුතෙකුට මිගමුවේ මහනගර සභාවේ ඉහල තනතුරුක් නොදි මිගමුව ගැන හරියට දන්නේ නැති ධිවර කර්මාන්තය ගැන මෙලෝ දැනුමත් නැති වඩදිය බාදිය ගැනවත් නොදන්නා අයට මෙවර මහනගර සභාවේ ලොකු තනතුරු දෙන්න මේ පිටගම්කාරයෝ කුමන්ත්‍රණය කරන්නේ.

පොල් ලෙල්ලක් දැම්මත් දිනන තරමේ රැල්ලක් තිබුන නිසා වැඩේ ගොඩ ගියා.

දැන් ඉතින් ඒ වගේ අය තමයි මිගමුව සංවර්ධන කරන්න යන්නේ.බලමු.මොකද වෙන්නේ කියල වැඩ දන්න අයව කපල, හලල, මිගමුවේ ජවිපෙ ලොක්කාගේ මේ කුමන්ත්‍රණ නිසා කෙලවෙන්නේ විශේෂයෙන්ම මිගමුවේ ධීවර ජනතාවට කියන එකනම් පැහැදිලියි.

අනුර කුමාර ජනපතිගේ භාෂාවෙන් ම කියනව නම් ලැජ්ජයි .

ජුඩ් ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here