බීච් පාක් එක සමහර දේශපාලකයන්ගේ සහ ජාවාරම්කාරයින්ගේ රජ දහනක් වෙලා තිබුණා.-පාර්මේන්තු මන්ත්‍රී චම්පික කියයි

0
486

 

ගම්පහ දිස්ත්‍රික් සංචාරක සහ කර්මාන්ත කම්ටුවේ සභාපති , චම්පික හෙට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පසුගියදා මීගමුව, කුඩාපාඩුව “ප්ලෙජ් ස්කේප්” හෝටලයේ පැවති විශේෂිත වැඩසටහනකදීය. මීගමුව සංචාරක සංගමය මගින් 2025 වසරේ විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් සබිනා ටී. යූසෆ් මහත්මියට මීගමුව අභිනව සංචාරක ප්‍රවර්ධන තානාපති ධූරය පිරිනැමීම වෙනුවෙන් එම සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම සඳහා පැවති එම විශේෂිත උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා එහිදී උත්සව සභාව අමතමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.

“” මේ අවස්ථාවේ මට තවත් කෙටි කාරණා කීපයක් කියන්න තියෙනවා.සංචාරක පුරවරයේ ව්‍යාපාරිකයන් විදිහට මට ඔබෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ ඉල්ලීම තමයි මේ ප්‍රදේශයේ අපි පහුගිය කාලේ සංචාරක කලාපයක් ලෙස නම් කරමු කියලා, ගැසට් කරන්න යෝජනා වුණා. ඒ ගැසට් එක අපි යෝජනා කළේ මේකේ තියෙන අපචාර අකටයුතුකම් ගොඩක් තියෙනවා.ඔබ දකින්න ඇති පහුගිය පාලන කාලයේ , මම අලුතින් කියන්න ඕනේ නැහැ , මේ වෙරළ උද්‍යානය සමහර දේශපාලකයන්ගේ ,සමහර ජාවාරම්කාරයන්ගේ , රජ දහනක් බවට පත්වෙලා තිබුණා. අදටත් අපිට ඒ මීගමුව බීච් පාර්ක් එක ඔවුන්ගෙන් ගලවගන්න අමාරුයි. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති වෙලා තියෙනවා. එහෙම තමයි මීගමුව සංචාරක ව්‍යාපාරය කලේ. සංචාරක ව්‍යාපාරය නාස්ති කළේ . ඒ නිසා ඒවට අපිි පැකිලෙන්නේ නැහැ. ඒ සම්බන්ධව අපි ක්‍රයාමාර්ග ගන්නවා. ඒ වගේම සමහර මීගමුවේ තැන් විතරක්ම නෙවෙයි සමස්ත රටේම ගත්තොත් එහෙම දේශපාලන හෙන්චයියන්ට ඔය අනවසර ඉදිකිරීම් කඩ දාලා සංචාරක ව්‍යාපාරය නාස්ති කරලා තිබුණා. මට ඔබෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම තමයි අපි මේ සංචාරක ව්‍යාපාරය නැවත හදනකොට ඔබත් විනයගරුක වෙන්න

.

ඒ වගේම අපි ගන්න ක්‍රියාමාර්ගත් එක්ක , අපිත් එක්ක අත්වැල් බැඳගන්න. එහෙම වුනොත් ඔබ දකින්න ඇති සමහර ප්‍රදේශවල අපි අනවසර ඉදිකිරීම් ගලවලා ඉවත් කළා.අපිට සමහර විට එහෙම කරන්න වෙයි, සහ ඒවත් එක්ක අත්වැල් බැඳගන්න.ඒ වගේම අපි දන්නවා ප්‍රදේශවාසීන් විදිහට සැලකිලිමත් වෙන්න ඕන තැනක් තියෙනවා , අපි කරවල වේලන ඒ වාඩි ප්‍රදේශ අපිට ඒක සංචාරක ව්‍යාපාරයත් එක්ක ගැටගැහෙනකොට ඒක තව ප්‍රමිති ගත කරන්න ඕනේ. තවත් ඒක අපිට හොඳ තැනකට ෆිෂ් මාර්කට් එක වුනත් අපිට හොඳ තැනකට මේක ගේන්න ඕනේ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා අපේ තියනවා ” ක්ලීන් ශ්‍රී ලංකා ” කියලා ව්‍යාපෘතියක් .අපි රට හදන ව්‍යාපෘතිය. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව අපි ඔක්කොම එකතුවෙලා , අපිට පුළුවන් නම් හැමෝම එකතුවෙලා මේ වෙරළ ශුද්ධ පවිත්‍ර කරනවා වගේ, ඒ වගේම අපේ ෆිෂ් මාර්කට් එක ශුද්ධ පවිත්‍ර කරගන්න. ඒ වගේම අපේ කරවල වාඩි ටික ක්‍රමවත් කරගන්න.ඒ වගේම නගරය පිරිසිදු කරගන්න. මේ හැමිල්ටන් ඇළ කොටස පිරිසිදු කරගන්න, ඔබේ දායකත්වය දෙන්න කියලා ඉල්ලනවා. ඒක දෙන්න පුළුවන් වුනොත් අපිට ලොකු හයියක් වෙනවා, අපිට ලේසි වෙනවා අපිට මේ වැඩ ටිකක් කරගෙන යන්න. “”

IMG 20260118 WA00061මෙම උත්සවය සඳහා මිගමුව ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් , වෙළඳ ආයතන ව්‍යාපාරිකයන්, ධීවර සංගම් සහ ස්විච්ඡා සංවිධාන නියෝජිතයින් එලෙසම රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here