අද (19/07/2025) උදෑසනදී මීගමුව, ඒත්තුකාල වෙරලාශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරන බෝට්ටු 02 ක් පෙරළී පාවෙමින් තිබෙනු දැක ගත හැකි විය. ඒ සමගම අද උදෑසනදී බීඩි කොළ අඩංගු විශාල පාරිසල් 02 ක්ද ඒත්තුකාල වෙරලාශ්‍රිත ප්‍රදේශවාසීන්ට හමුවී තිබේ.. එක් බීඩි කොළ පාර්සලයක්
ඒත්තුකාල මුහුදු වෙරළ ප්‍රදේශයේදී ද , අනෙක් බීඩි කොළ පාර්සලය
කුඩාපාඩුව දේවස්ථානයට පිටුපස මුහුදු වෙරළේ තිබියදී සොයාගෙන ඇත.
ප්‍රදේශවාසීන් සැක පල කරන්නේ මුහුදේ පාවෙමින් ඇති බෝට්ටු 02 හි තිබි ඇති මෙම බීඩි කොළ අඩංගු පාර්සල් ඊයේ රාත්‍රී ඇතිවූ දැඩි සුළං තත්ත්වය නිසා බෝට්ටු පෙරලියාමෙන් මෙම බීඩි කොළ පාර්සල්ද වෙරලට ගසා ගෙන ගොස් ඇති බවයි. එමෙන්ම ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සැක පල කරන්නේ මෙලෙස බීඩි කොළ පිරවූ තවත් පාර්සල් මෙම බෝට්ටුවල තිබෙන්නට ඇති බවත් , බෝට්ටු පෙරලී යාමේදී එම පාර්සල්ද මුහුදට වැටී ගසාගෙන ගොස් ඇති බවයි.
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව, මීගමුව පොලිස් ස්ථානයේ, පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ බීඩි කොළ අඩංගු මෙම පාර්සල් 02 ක පොලිසිය භාරයට ගෙන ඇත. මෙම බීඩි කොළ පිරවූ පාර්සලයක් කිලෝ 30ක පමණ ප්‍රමාණයකින් යුක්ත බව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පැවසූ බවද ප්‍රදේශවාසීන් පවසති.
එ ලෙසම එම පොලිස් නිලධාරින් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිදුවීම් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.













