spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බොරු කියන Avenra garden කළමණාකාරිිත්වයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ විරෝධය

Must read

උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටලය පරීක්ෂා කළ බවත්  පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම ශිතරකණයක ගබඩා කිරීමේ වරද දෙවන වරටත් සිදුකිරීම හේතුවෙන්   නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් හෝටල් කළමනාකරණය විසින් සමාජගත කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

ලංකාවේ සෑම තැනකම සෑම තරු හෝටලක්ම   මෙම වැටලීම්වලට යටත් වූ බවත්,    එම හෝටල්වලට එරෙහිව රටේ නීතිය  ක්‍රියාත්මක කළ අවස්ථාවලදී   අදාල හෝටල් කළමනාකාරිත්වය  නීතියට හිස නැමූ බවත් පවසන සභාපතිවරයා නඩු නොදමන ලෙස බල කරමින්, වැටලීම් සිදුකළ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කර පැමිණිලි කරමින්  ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටල් පරිපාලනය දේශපාලන බලයක් ද සහිතව  මේ හැසිරෙන ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බව  පැවසුවේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ   සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ මින් මාස දෙකකට පෙර මේ ආකාරයෙන්ම මෙම හෝටලයේ මුළුතැන්ගෙය පරීක්ෂා කළ බවය. එහිදී පිසූ ආහාර සහ මස් වැනි නොපිසූ ආහාර එකම අධිශීතකරණයක් තුළ ගබඩා කිර තිබී අසුවූ අතර එම අවස්ථාවේ දි නඩු නොදමන ලෙස කළ බලපෑම් හමුවේ අවවාද කර එම ආහාරවර්ග විනාශ කිරීම පමණක් සිදුකළ බව   lankasara.com වෙබ් අඩවිය පසුගියදා වාර්තා කර තිබුණි

Avenra garden කළමණාකාරිත්වය දැන් ගල උඩ කැත කළ බළලාගේ තත්වයට පත්ව ඇති ආකාරය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණගේ ප්‍රකාශයෙන් පවා ඉතා පැහැදිලි වි තිබේ.

මිට පෙරද වැරදි කර ඇති Avenra garden කළමණාකාරිත්වය ඒ වැරදි නිවරදි කරගන්නේ නැතුව දිගටම කරමින් ඇති වැරදි සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිතිය අකුරටම ක්‍රියාත්මක කළ පසු මේ තත්වය රටට හෙළිවිමෙන් සිදුව ඇති අර්බුදය අකා මකා දැමිම සදහා දැන් විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

ඔවුන් මේ අර අදින්නේ   කිසිදු බලපෑමකට යටත් නොවි නිතිය ක්‍රියාත්මක මේ නිලධාරින්ට බියවැද්දිමටය. මේ වන විට මේ නිළධාරින්ට එරෙහිව කටාන පොලිසියේ පැමිණිලි කිපයක්ම යොදා ඇතැයිද දැනගන්නට ඇත.

නීතිය නමා කටයුතු කිරිමේ ඉතිහාසයකට උරුමකම් කියන Avenra garden දැන් මේ කියන්නට හදන්නේ මේ සිදුවිම නිසා තමන්ට අපකිර්තියක් සිදුව ඇතැයි කියන්නටය.
එහෙත් තිත්ත ඇත්ත නම් අමුතුවෙන් අපකිර්තියක් වන්නට තරම් දෙයක් නැත්තේ මේ කළමණාකාරිත්වය අපකිර්තිමත් ඉතිහාසයකට කලක පටන්ම උරුමකම් කියමින් සිටින නිසාය.

මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් බියගැන්විමට මේ අය දරණ වෑයම තුල සිදුවන්නේ එක් දෙයක් පමණි. Avenra garden කළමණාකාරිත්වයේ අපකිර්තිමත් ඉතිහාස කථාව තව තවත් සමාජය අතරට යෑම පමණය.

ප්‍රතිපත්තිගරුක නැති නිලධාරින් හමුවේ නීතිය නැමු Avenra garden කළමණාකාරිත්වය දැන් ගලඋඩ කැත කළ බළලුන් බවට පත්ව ඇත්තේ ප්‍රතිපත්තිගරුක නිලධාරින් හමුවේ නීතිය නවා ගැනිමට නොහැකිව ඇති නිසාය

අප මිට පෙර පළකරන ලද මේ පුවත තුලින් කදිමට පෙනි යන්නේද ඇවෙන්රා කළමණාකාරිත්වය රටේ නිතිය බල්ලට දමා කටයුතු කර තිබුණ ආකාරයයි

This image has an empty alt attribute; its file name is 170281659_3967138286658473_4168590091023621360_n-1536x1024-1-1024x683.jpg

 

 

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ අනතුරු ඇගවිම් සියල්ලට බල්ලාට දමමින් ක්‍රියාත්මක වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක් ගැන කටාන ප්‍රදේශයෙන් වාර්තා වේ.එම සෞඛ්‍ය නිළධාරි කොට්ටාශය තුල මඟුල් ගෙදරට අවසර දිය හැකි උපරිම ගණන 150 ක් වෙද්දි සුපිරි ව්‍යාපාරිකයෙකුගේ ආහාර සැණකෙලියට සංඛ්‍යාත්මක සිමාවන් කිසිවෙක් පණවන්නේ නැතිව අවසර දිම පිළිබදව මේ වන විට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තුල පවා බරපතල විවේචනයක් මතුව තිබේ.
ඔවුන් කියා සිටින්නේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ වගකිම් විරහිත ක්‍රියාකාලය නිසා ඉදිරියේදි තමන්ට කොට්ටාශයේ නිරෝධාන සෞඛ්‍ය නිති පවා ක්‍රියාත්මක කරගැනිම අර්බුදයක් බවට පත්ව ඇති බවය.
මඟුල් ගෙදරකට 150 ක සිමාවක් පනවා ඒසේ පැමිණෙන අයගේ නම් ගම් විස්තර දුරකතන අංක සියල්ලද කලින් ම ඔවුන් විසින් ලබාගන්නා බවය. එහෙත් මේ ආහාර සැණකෙලියට MOH අවසර දි ඇත්තේ unlimited පදනමකිනි.
දැන් මෙය පැහැදිලි අර්බුදයක් අදාල කොට්ටාශය තුල නිර්මාණය කර තිබේ.

ඇවෙන්රා වෙඩින් ෂෝ එකකට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ගිය MOH

ඔහුට එකල පටන් මිගමුවේ ප්‍රබල දේශපාලන පවුල් සමගින්ද ඉතා සමිප සම්බන්ධකම් තිබුන බව ඒ කොට්ටාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවා කියති.
එමෙන්ම ඔහුට AVENRAහෝටලයේ හිමිකරු සමගින්ද සමිප සම්බන්ධතා පවතින බවද කියැවේ .
පසුගි කාලය තුලදිද මෙහි පැවැති ඇතැම් දැවැන්ත උත්සව වලදිද ඔහු ආරාධිතයෙකු ලෙසින් පැමිණ තිබුන අවස්ථාවන්ද විය.
කෙසේ වෙතත් දින 3 ක් පුරාවට පැවැති දැවැන්ත ආහාර සැණකෙලියකට unlimited …පදනමකින් අවසර ලබාදි ඇති කාටනේ MOH ගැන ඉහල සෞඛ්‍ය බළධාරින් කියා සිටින්නේ කුමක්ද?
මේ වන විටත් පැමිණිලි රාශියක ඒ උසස් නිලධාරින් වෙත යොමුව ඇතැයි වාර්ථාවේ

 

සිය දේශපාලන බලය සහ මුදල් බලය මත කැත නැතුව නීති නැමු ඇවෙන්රා පාලකයන් දැන් රට හමුවේ පචවිමට නියමිතව තිබේ.ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිලධාරින්ට පාට් දමා බිය කරන්නට මේ අය සැරසෙන්නේ නම් ජනතාවගේ පැත්තේ කවදත් හිටගත් අපි ඇවෙන්රා දුෂිත ඉතිහාසය කරුණු ඇතිව ඉදිරියේදි හෙළිකිරිමට සුදානමින් සිටින්නෙමු

2022 වසරේ මැයි මාසයේදි තරුණයෙකුගේ ජිවිතයක් බිලිගත් හෝටල් කළමණාකාරිත්වයකට  කිර්තිමත් ඉතිහාසයක් තිබිය හැකිද ? වැඩි විස්තර ලගදිම 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article