spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බොරු යහළු කම

Must read

හද තුලැ පෙම නැති වැ – ළැදි කම් පාන දනගේ
මිතුරු කම රුදුරු  අවියෙකි – රිදවන ලද වසරයෙනි.

බොරු මිතුරුකම් පා  – රවටන දනගේ ලැදිකම
තිර නැති ඉතිරි පෙම එව්  – මොහොතින් මොහොත
පෙරැලේ
හොද පොත පත බොහෝ – හදාල ද වෑයම් කැරැ
සැබෑ පෙම සිය හද තුළ  – බැරි මැ  යැ  වැවුම රුපුනට

මද සිනායෙන් ව. – සරසන එහෙත් හද තුළ
පෙම නැති කපට දන ගෙන්  – පරනට බිය මැ දැනැවේ.

 හද තුළ පෙමක් නැති -කපට දනගේ ඉමිහිරි
බොරුවෙන් පිරුණු රැවටිලි – වක් බස් නො ඇදහියැ
යුතු.

සතුරෙකු පෙම් බසක්  – බිණුව ද යහළුවකු මෙන්
එහි රැදි  නපුර ඉදුරා – නුවණැති අයට වැටහේ.

දුනු දිය අදින්නේ  – හොදට නො වැ නපුරට මැ යැ.
රුපුනුත් ගුණ කියන්නේ  – හොදට නොවැ නපුරට
මැ යැ.

සතුරෙකු වදින  අතැ – අවියකට සැගැවිය හැකි
කදුළෙහි ද උන්  වගුරන  -නපුරට ද සැගැවිය හැකි.

හමු වැ  දැඩි පෙම පා  -පිටු පෑව  හවන රුපුනට
පිළි පෙම පා, සිතින් උන් – නෙරැපුම යෙදේ රජුනට

                                                     සතුරන් මිතුරනෙව් – පෙම පා ළැගෙත උනට ද
පිළිපෙම  වතින් පා, ඉම –  අදරට නො දෙනු හද තුළ

තිරුවල්ලුවර්  කවියා‍ගේ ‘තිරුක්කුරළ් ‘ නම් දෙමළ නිති කාව්‍යයේ
සිංහල අනුවාදය වූ
‘ සිරිගීය ‘ නම් කෘතියෙන් උපුටා ගැණූනි. – ශ්‍රී චාල්ස් ද සිල්වා ශූරීන්ගේ
අනුවාදයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article