spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බෝට්ටුවෙන් ඉතාලි ගිහින් රෝහින්ග්‍යාට බනින මීගමුවේ අයියලාටයි!

Must read

_98016866_fullsizerenderමේ දවස් වල බුකිය උණුසුම් උනේ මියන්මාර් රොහීන්ග්‍යා සරණාගතයන් නිසාය,ඇත්ත අද මුස්ලිම් අන්තවාදයක් නිසා ලෝකාය ප්‍රශ්නයක් ඊ තියනවා,නමුත් සරණාගතයන් ලෙස ආ සියල්ලෝ ත්‍රස්තවාදී ලෙස ලේබල් ගැසිය හැකිද?
මගෙ බුකියෙ සිටින ඉතාලියෙ සිටින අපේ උන්දලා බහුතරයක් උඩ දාගෙන පෝස්ට් ශෙයා කරන්නෙ මියන්මාරෙන් ත්‍රස්තවාදී ලංකාවට ගිහින් කියාය,උබලට අමතක වී ඇති කාරණාවක් ඇත 90 දශකයෙ ආරම්භයත් සමග වෙන්නප්පුවේ,හලාවත,මිගමුවෙ කට්ටිය ඉතාලියට ඒමට පටන් ගත්තෙ අසල යුගෝස්ලාවියා,ඔස්ට්‍රියා බෝඩර් බඩගාගෙන සරණාගතයන් ලෙසයි, ඒ කාලෙ අත් අඩංගුවට ගැනීම සීමා සහිත නිසාත් යුරෝපා රටක් වශයෙන් ඉතාලියෙ පමනක් තිබෙන රැකියාවක් කර දීර්ග කල හැකි රැදී සිටීමේ බලපත නිසාත් අප දේශපාලන රැකවරන ලේබල් එකෙන් ගැලවිනි. නමුත් ඉතාලියට අප පොදුවේ සරණාගත සංක්‍රමණිකයන් වේ.
ඊට අමතරව 2000 මුල් වසර කීපයෙ මීගමු- හලාවත මූදු තීරයෙන් බෝට්ටු ඉතාලියට ආවෙත් ඉතාලියට අසු උනාම ලංකාවෙ යුද්දෙ නිසා පැනලා ආවෙ කියා කීවෙ යුද්දෙක හුලගක්වත් වැදුනෙ නැති හමුදා සාමාජිකයන් අවම හලාවත මීගමු මූදු තීරයෙ අපමය .
මතක තබා ගන්න ඉතාලි ජාතිකයන්ගෙ මානුශික ගතිගුණ අහව‍ර උන දාක මිලනේසිලා,නපොලිතානිලා,කතනේසිලා,මෙසිනේසිලා අපිට දැන් තොපි පලයව් අපේ රට විනාශ කරනවා කියලා ගහන්න ගත්තොත් අපට අකුලාගෙන යන්න වෙන බව..
මේ වසර 3 සිට ඉතාලියට බෝට්ටු මගින් ආ සරනාගතයන් ගනන ලක්ශ 2 ඉක්මවලා, එන සියල්ලෝම මනුශ්‍යත්වයෙන් බාර ගෙන කන්න බොන්න දීලා ඉදිරි ක්‍රියා ගන්නවා මිසක් ඔවුන් එලවා දමන්නවත් මරා දමන්නවත් කිසි කෙනෙක් කෑ ගහන්නෙ නැත,පේස්බුක් පෝස්ට් දමන්නෙ නැත.
අමතක නොකරන්න අපගෙ පියවරු,සහොදරයන්ද ඉතාලියට ගොඩ බැස්සෙ සරණාගතයන් ලෙස බව..මරණ බිය දැනෙනවිට දේශ සීමා අමතක වෙන බව…..

(මනුලගේ මුහුණු පොතෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article