මඩු දුම්රියේ සටන ජයගනී.!

0
1265

 

වෙනත් වසරවල් වලදි අගෝස්තු මඩු මංගල්‍යය සඳහා අදාල ප්‍රවේශ පත් ගාස්තුව ගෙවා යාම සඳහා වෙන්වු වි⁣ශේෂ දුම්රිය මෙවරද ලබාදිමට නම් රු ලක්ෂ 26ක් ගෙවිය යුතු බව දුම්රිය ප්‍රධානින් මුලදි දැනුම් දි තිබුණි.

කෙසේ වෙතත් මේ ප්‍රශ්ණය මාධ්‍ය විසින්ද මතුකර තිබිමෙන් පසු තත්වය වෙනස් වු අතර වෙනදා මෙන් ගාස්තු ගෙවා යාම සදහා වි⁣ශේෂ දුම්රිය දෙකක් යෙදවිමට දුම්රිය දෙපාර්තමේන්තුව පමා වි හෝ කටයුතු කර ඇත..

මේ සම්බන්ධයෙන් වැඩිම මැදිහත්විමක් සිදුකර තිබුණ කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධානියෙකු කියා සිටියේ මේ විශේෂ දුම්රිය ඉල්ලා යැවු ලිපිවලට මාසයකටත් වැඩි කාලයක් ඉක්මවා තිබුනද රටේ නායකයන්ගෙන් මෙන්ම අදාල දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙන්ද ප්‍රතිචාර නොලැබුන බවය

Screenshot 20250812 012634

මේ අතර මාලිමා රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සුගත් තිලකරත්න ඇතුළු මිගමුවේ මාලිමා ප්‍රධානින් ඊයේ සවස් වරුවේ මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් කියා තිබුනේ  මඩු දේවස්ථානය සඳහා විශේෂ දුම්රිය දෙකක් ධාවනය වන බවය.

මින් එකක් මොරටුවේ සිටද අනික් දුම්රිය මිගමුවේ සිටද ධාවනය විමට නියමිත බව එම හමුවේදි සදහන් කර ඇත.

මරද මඩු මංගල්‍යය සඳහා සූදානම් කර ඇති මෙම දුම්රිය 13 වන දින රාත්‍රී 9 ට මීගමුවෙන් පිටත්වීමට නියමිතව  ඇතිි අතර නැවත මංගල්‍ය පූජා කටයුතු අවසන් වීමත් සමග ලබන 15 වන දින සවස 4 ට මීගමුව බලා දුම්රිය පිටත් වීම සඳහා
සියලු කටයුතු සූදානම් කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here