spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් වෙයි!

Must read

1572350693-madu-church_L

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එම සන්නස් පත්‍රය පිළිගැන් වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්අද (29)දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්ඩිනෑන්ඩු පියතුමා වෙත ජනාධිපතිවරයා විසින් සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබිය.

කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුද බිමක් වන මඩු දේවස්ථානය, බෞද්ධ සහ හින්දු බැති මතුන්ගේ ද වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂි ආගමික ස්ථානයකි.

වාර්ෂික මඩුමංගල්‍යය අවස්ථාවේ දී මෙන්ම වසර පුරාම වන්දනාකරුවෝ ද දෙස් විදෙස් සංචාරකයන් ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඩු දෙවස්ථානය වෙත පැමිණෙති.

පසුගිය යුද සමයේ සිදුවූ දැඩි අලාභ හානී හේතුවෙන් ද, දිගු කලක් තිස්සේ නඩත්තු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ද මඩු දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබිණි.

2018 වසරේ ජූලි මස දී එහි සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානයක් මේ කෙරෙහි යොමු වූ අතර ඓතිහාසික පූජාභූමියක් වන මඩුපූජාභූමිය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන්නා වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රවාහනහා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, එම පූජාභූමිය වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්,විශ්‍රාම ශාලා ආදි විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළු විශේෂ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ.

ඓතිහාසික මඩු දේවස්ථානය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මඟින් එම ප්‍රදේශයේ අක්කර 300ක ප්‍රමාණයක් දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙන අතර, ඊට අමතරව අක්කර 5000ක ප්‍රමාණයක් වන සංරක්ෂණය සමඟ ආරක්ෂා කිරීමට අදාළ ගැසට් නිවේදනය මඟින් පවරා දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සමස්ථ ජනතාවගේ ගෞරවණීය පුදබිමක්වු ඓතිහාසික මඩු දෙවස්ථානය පූජාභූමියක් ලෙස නම් කරමින් එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ලැබීම තම ධූරකාලය තුළ ඉටුකිරීමට හැකිවූ තවත් සුවිශේෂි කාර්යයක් සේසලකා සතුටට පත්වන බවයි.

ෆිදෙලිස් ලයනල්එමානුවෙල් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා සහ අමාත්‍ය ජෝන්අමරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(අද දෙරණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article