මත්කුඩු සහ පිස්තෝලයක් සමඟ පුද්ගලයෙකු , කුරණ දී අත්අඩංගුවට

0
140

 

 

2025 ජූලි 7 වෙනදා එනම් ඊයේ රාත්‍රි 7.45 ට පමණ මීගමුව ,කුරණ , 20 කණුව ප්‍රදේශයේදී, ජීව උන්ඩ ( පතරොම්) 04 ක් සහිත ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 715 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු, මීගමුව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූයේ, වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි පොලිස් වසම් වටලා සෝදිසි කිරීමේ සැලැස්මක් අනුවය. සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 42ක් වන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු ගිහාන් ෆොන්සේකා සහ කුරණ
සංඛ යන පතාල කල්ලි සාමාජිකයන්ගේ සමීපතමයෙකි. ඔහු සමග අත්අඩංගුවට ගත් එම ගිනි අවිය බ්‍රසීලයේ නිෂ්පාදිත කුඩා පිස්තෝල වර්ගයේ ගිනි අවියකි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටි යි. මේ සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෙම අත්අඩංගුවට ගැනීම, මීගමු පොලිස් ස්ථානයේ, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් විසින් සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here