මම ගම්පහ ඉන්න ජේෂ්ඨතම ශ්‍රිලනිප දේශපාලකයා මට කව්රුත් විරුද්ධ නෑ -සරත් කියයි !

0
101

sarath Mahindnew e1473087502877මම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න ජේෂ්ඨතම ශ්‍රිලනිප දේශපාලනඥයා.එදා රැස්විමේදි හිටපු මහඇමති මගේ පැමිණිම අගය කරමින් තමයි එයාගේ කථාව කළේ .
එතනදි මට විරෝධයක් එල්ල වුණා කියල  තැන් තැන්වල කියන්නේ මීගමුවේ ඉන්න කුමන්ත්‍රණකාරයෝ පිරිසක් .
මම ටික කාලයක් බලන් හිටිය තමයි .නමුත් සිද්ධවේගන යන දේවල් දැක්කම මම තිරණය කළා මම දැන් මැදිහත්විය යුතුයි කියල.
ඉස්සරහ මම ගම්පහ දිස්ත්‍රික්කය තුල මහින්ද පිළ තවත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා
මට තව වචනයක් කියන්න ඕනේ . ඒ මීගමුව ශ්‍රිලනිප සංවිධායකයා පත්කරපු එක ගැන .මට දැනගන්න ලැබුන ධීවරයන්ගේ සමුළුවකදි වතුර සේනාරත්න කිව්වලු මීගමුවෙන් ගිහින් හිටපු පිරිසකට ඔන්න මම මීගමුව මීගමුවට හොද කෙනෙක්ව දැම්ම කියල .
එතකොට ලලිත්ව පත්කරල තියෙන්නේ වතුරද ?
මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධාක සරත් ගුණරත්න මේ අදහස් පළ කර සිටියේ මීපුර වෙබ්අඩවියේ පළව තිබුන පුවතකට පිළිතුරු සපයමිනි.
එහිදි ඔහු අවධාරණය කොට කියා සිටියේ තමන්ගේ පැමිණිම නිසා මහින්ද පිලේ කිසිවෙකුත් එරෙහිව නොවුන බවය.
එහෙත් අප වෙත අදහස් දක්වා සිටි මහින්ද පිළේ ක්‍රියාධරයෙකු කියා සිටියේ පළාත් සභා මන්ත්‍රි ආනන්ද හරිස්චන්ද්‍ර මහතා මේ විරෝධය පැහැදිලිව සිය කථාවකදි දක්වා සිටි බවය.

 

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here