spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මම ගෝඨාගේ මිගමු රැස්විමට ගියේ නෑ තමයි ! ෆරිස් ඇත්ත කියයි !

Must read

FB_IMG_1571394833399මීගමුවේ පැවැති ගෝඨා පැමිණි රැස්විම සංවිධානය කිරිම සදහා මීගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් විශේෂ රැස්විමක් පෙරියමුල්ලේදි පවත්වා තිබුණ අතර එහි පැමිණ සිටි අයට රැස්විමට යන ලෙස දන්වා තිබුණි. එහෙත් අප හෙළිදරව් කළ පරිදි ෆරිස් ගෝඨා පැමිණි රැස්විමට ගොස් තිබුනේ නැත .ඒ ගැන අප විසින් පළකරන ලද පුවතට අද පෙරවරුවේ අප අමතා කථා කළ ෆරිස් කියා සිටියේ තමන් ඡන්දය දෙන්නේ ගෝඨාබයට වුවත් වේදිකාවට නගින්නේ නැති බවය.
එවිට අප ඔහුගෙන් විමසා සිටියේ එතකොට ඔබ පොහොට්ටුව වෙනුවෙන පෙනි සිටින්නේ නැතැයි ද කියාය.ශ්‍රිලනිපය විසින් පොහොට්ටු අපෙක්ෂකයාට සහය දිමට තින්දුකොට ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රිලනිප දේශපාලකයන් වෙනත් පළාත්වලදි පොහොට්ටු වේදිකාවට නැගිම සාමාන්‍ය තත්වයක බවට පත්ව තිබුණද මීගමුවේ දි මිගමු  නියෝජ්‍ය නගරාධිපති ෆරිස් එසේ නොකරන්නට තින්දු කොට තිබේ.
අනික් ශ්‍රිලනිප දේශපාලකයන් එසේ කරන්නටත් ෆරිස් නොකරන්නටත් සුවිශේෂි හේතුවක් තිබිය යුතුය.
ඒ හේතුව සැබැවින්ම දන්නේ අප යළිත් වරක් අවධාරණය කර සිටින පරිදි නිමල් ලංසා සහ ෆරිස්මය.මේ අතර ෆරිස් විසින් ගෝඨාබයට සහය පළකිරිමට ගත් තීන්දුව පිළිබදව බහුතරයක් මුස්ලිම් ප්‍රජාවගේ ඇත්තේ බරපතලම විරෝධයකි.මේ ඇතැමෙකු කියා සිටින්නේ ෆරිස් යනු මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ලබාගෙන රාජපක්ෂලාට ඔවුන්ව පාවා දුන් බවය.මෙය සැබැවින්ම ෆරිස්ගේ දේශපාලන ජිවිතයට එල්ල වන මරු පහරක් විය හැකිය.
එය කළමණාකරණය කිරිමට දැනටමත ෆරිස් අසමත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article