spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මම හිරේ ඉදල ආපු ගමන් බඩු බෙදන්න පටන් ගන්නවා – රංජන් රාමනායක

Must read

රංජාඅර මුහුණ දි ඇති අර්බුදය හමුවේ බහුතරයක් දේශපාලකයන් නිහඩව සිටිද්දි රංජන් රාමනායක, පාලිත තෙවප්පෙරුම සහ විශේෂෙයන්ම ජවිපෙ රතු තරුව අති විශේෂ මෙහෙයුමක යෙදෙමින් සිය ජනතා මෙහෙවර ඉටුකරමින් සිටිති.
මේ අතර පසුගිය දා මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකිර්ණයේ මුරපොල අසලදි රංජන් රාමනායක හා එක්ව මේ බඩු බෙදිමේ මෙහෙයුමේ සිටි ඔහුගේ හිතවතෙකුට රංජන් රාමනායකගේ නිවසට ඇතුලු විමට ඉඩ දිය නොහැකි බව පවසමින් සිදුකරන්නට ගිය බාධා කිරිමේදි කරුණු පැහැදිලි කිරිමට මැදිහත්වු රංජන් රාමනායක පොලිසියට බාධාකළා යැයි පොලිසිය විසින් කියා සිටිම නිසාම මේ මස 20 වනදා දක්වා බන්ධනගාර ගත කොට ඇත.
මේ පිළිබදව මේ වන විටත් සමාජ මාධ්‍ය තුල පුළුල් සංවාදයක් මතුව ඇත.
එහිදි හෙළිදරව්වි ඇති කරුණු අනුව සැබැවින්ම රංජන්ගේ සහයට බඩු බෙදිමට යැමට පැමිණ හිතවතාට ලබන මස 20 වෙනිදා දක්වා වලංගු ඇදිරි නිති බලපත්‍රයක්ද හිමිබව මේ වන විට මේ සංවාදයන් තුලදි හෙළිදරව් වි තිබේ.
මේ අතර 20 දක්වා බන්ධනාගාරගත කිරිමට සදහා රංජ්න් රාමනායකව බන්ධනාගාර බස්රථයෙන් ගෙන යමින් සිටියදි මාධ්‍යවේදින් හට අවසන් වශයෙන් කියා සිටියේ හිරෙන් ආපු ගමන් මම ආයෙ බඩු බෙදන්නට පටන් ගන්නවා යැයි කියාය.

මම හිරේ ඉදල ආපු ගමන් ආයේ බඩු බෙදන්න පටන්ගන්නවා( විඩියො )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article