spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරණයට තිත තබන මීගමුවේ හදවත් සැත්කම් ඒකකය ජනවාරියේදී !

Must read

IMG-20191204-WA0014IMG-20191204-WA0010

මීගමුව රෝහලේ හදවත් සැත්කම් ඒකකය දිවා රාත්‍රි නොබලා වැඩ කරමින් ජනවාරි වනවිට අවසන් කරන බව රෝහල් සංවර්ධන පදනමේ සභාපති ක්‍රිෂාන්ත දල්පදාතු මහතා පවසයි . ඔහුටද පසුගිය දිනවල හෘදයාබාධයක් හැදී ප්‍රතිකාර ගත් නමුත් ඒ ගැන නොසලකා පොදු සමාජ මෙහෙවරක් ලෙස මෙම හෘද සැත්කම් ඒකකය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරති.

ව.අඩි 7000 කින් සමන්විත ශාලාවක ඉදි කෙරෙන මෙහි දැඩි සත්කාර ඒකකයේ පමණක් ඉඩ ප්‍රමාණය ව. අඩි 1800ක් පමණවේ. ඒ සඳහා ඇඳන් 10 ක්, කාන්තා වාට්ටුවට ඇඳන් 10ක් සහ පිරිමි වාට්ටුවට ඇඳන් 10ක් වශයෙන් ඇඳන් 30 කින් සමන්විත මෙය අංග සම්පූර්ණ හෘද සැත්කම් ඒකකයක් බව ක්‍රිෂාන්ත මහතා පවසයි .
එමෙන්ම දැඩි සත්කාර ඒකකය Center monitor System නම්වූ නවීන ක්‍රමවේදයට අනුව එකම තැනක සිට රෝගීන් පරීක්ෂා කරන ක්‍රමයක් බව ඒ මහතා තවදුරටත් පවසයි

මේ සඳහා වැයවන මුදල් සඳහා ව්‍යාපාරිකයන් සහ දානපතියන් දැනටමත් ඉදිරිපත් ව සිටින බවත් , සිංහ සමාජය දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියළු උපකරණ සඳහා අවශ්‍ය මුදල වන රු. ලක්ෂ 335 ක මුදල ලබාදෙන බවත් , ඉතිරි කටයුතු සඳහාද එවැනි සම්පත් දායකයින් සමඟ කතා බහ කර ඇති බවත් ක්‍රිෂාන්ත මහතා පෙන්වා දෙයි . මේ සඳහා වැයවන මුළු මුදල රු. ලක්ෂ 600 කි.
රෝහලේ මෙම කටයුත්ත නොකෙරෙන දෙයක් බවට අදහස් ඉදිරිපත් කරන සමහර වෛද්‍යවරුද සිටිති.නමුත් රෝහල් සංවර්ධන පදනමේ සභාපති පවසන්නේ මෙවැනි අදහසකි..
” සමහර අය හිතාගෙන ඉන්නවා. මේක කරන්න බැරි දෙයක් කියල. මොකද සල්ලි විශාල ප්‍රමාණයක් යනවනෙ. නමුත් දැනටම අපි ඒවට සැලසුම් හදලයි තියෙන්නෙ . සමහර බඩු අපි ණයට අරගෙන තමයි වැඩ කරගෙන යන්නෙ සල්ලි පස්සෙ දෙන්න. කොහොමහරි ජනවාරියේදී අංගසම්පූර්ණ හදවත් සැත්කම් ඒකකයක් වශයෙන් මේක අවසන් කරනවා .”
ඒ වගේම ඒ ලැබෙන සියළු පරිත්‍යාග පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට අධීක්ෂණ කමිටුවකුත් පත් කරල තියෙන්නෙ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article