spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහජන මුදල් ලක්ෂ 150 ක් අපතේ ! ලංසාලා නිහඩයි !

Must read

ngiht b4night b 2night b 1(6.30 am ) මීගමුව රාත්‍රිපොල ඉදිකරන්නට යැයි කියමින් කඩිමුඩියේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි තැබැරම්වත්තේ තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා කොත්ත්‍රාත්කරුවන් හට පවරා තිබුණි.
ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දෙන්නම් කාසි ව්‍යාපෘතියක් වු මේ සදහා එවකට ඇමති ලංසා වගකිම් දරු පළාත් බල ප්‍රවාහන අධිකාරිය විසින් එහි මුලික මුදල් යොදවා තිබුණි.
මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් හෝටලය පිටුපස ඇති හිස් ඉඩම හදුවන්වනු ලබන්නේ තැබැරුම්වත්ත නමිනි..
මුලින්ම තට්ටු දෙකකට යැයි කියමින් ඇරඹි මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් අතිදැවැන්ත මුදලක් යටකරමින් අත්තිවාරම් දැමු පසු යළිත් ඇමති නිමල් ලංසා උපදෙස් දි තිබුනේ එය තනි තට්ටුවට සාදන ලෙසය.
මෙහි තාක්ෂණික උපදෙස් භාරව සිට ඇත්තේ DCL නම් වු සමාගමකි.
කෙසේ වෙතත් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු මගින් සිදුකරන ලද මේ ඉදිකිරිම් දැන වල් වැදි යමින්තිබේ.
එපමණක්ද නොව නගර මධ්‍යයේ දුරාචාරය පතුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවටද පත්ව ඇත්තේය.
වාර්තා වන අන්දමට මෙහි අස්තමේන්තු ගත මුදල ලක්ෂ 1000 ඉක්මන්නකි..
දැනට සිදුකර ඇති දැන් වල් බිහිවෙමින් ඇති මේ ව්‍යාපෘතිය සදහා ලක්ෂ 150 කටත් වඩා වැඩි මුදලක් වැය  කර තිබේ.
ලංසලාගෙ සැලැස්මක් නැති දඩිබිඩි වැඩ නිසා රජයේ මුදල්  කාබාසිනියා කළ මේ එක් උදාහරණයක් පමණි.අයියාට නොදෙවෙනි අන්දමින් දැන් මල්ලිද විධිමත් සැලැසුම් නැති දඩිබිඩි ව්‍යපෘති රැසකට සුදානම් වෙන බව වාර්ථා වේ. ඒ සදහා දැවැන්ත ණය මුදලක්ද දේශිය ආයතන වලින් ලබාගැනිමට නියමිතය.
රාජපක්ෂලා ගත් ණය ගෙවිමට වත්මන් රජයට බදුවැඩිකිරිමට සිදුව තිබේ. නගාරාධිපති දායන් ලංසාගේ මේ අවිධිමත් සංවර්ධන සංදර්ශණ නිසා මිගමුව මහනගර සභාව ලගදිම බරපතල මුල්‍ය අර්බුදයක් කරා ගමන් කිරිමට නියමිතය.
රාජ්‍ය විගණන අංශය විසින් දැනටමත් යම් යම් අනතුරු අගවා ඇති බවද වාර්ථා වේ.ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේ මෙවැනි තත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article