මහනගර සභාවට අයත් දේපල යළි පවරා ගැනිම සම්බන්ධයෙන් නව නගරාධිපතිත් නිහඬයිද?

0
8

සජිත් මෝගන් කියන්නේ මිගමුව මහනගර සභාවේ මිට කලින් එජාප නියෝජනය කරමින් දශකයකටත් වැඩි කාලයක් .
දේශපාලනයේ නියැලුන දමිල මන්ත්‍රිවරයෙක්.දැනට මහසභාවේ ඉන්න ජේෂ්ඨතම නාගරික මන්ත්‍රිවරයා.

මෙවර ඔහු මැතිවරණයට ඉදිරිපත් වුනේ අපේක්ෂකයෙක් හැටියට.

සජිත් මෝගන් මහනගර සභාවට අයත් දේපල සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් යෝජනාවක් කීපයක්ම මහසභාවට දාන්න උත්සාහ කලා

දැනට සා.මරියා විදුහල විසින් අවභාවිතා කරමින් සිටින කමාච්චෝඩේ ක්‍රිඩා පිට්ටනිය මෙි යෝජනා අතර ඉතාමත්ම වැදගත් එකක්.

පහුගිය දවස් වල මේ ගැන ලොකු සංවාදයකුත් ගියා .

සමහරු මේක කියන්න උත්සාහ කලා සා.මරියා විදුහලට අයිති ක්‍රිඩා පිට්ටනියක් කියල.

කොහොම හරි හිටපු නගරාධිපති හීන්කෙන්දත් සජිත් ගේ මේ යෝජනාව සභාවට ගේන්න ඉඩ දුන්නේ නැ.

සජිත්ගේ⁣ යෝජනාව වුනේ මේ පිට්ටනියේ අයිතිය ගැන ඒ ගැන හරියට රාජ්‍ය ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තහවුරු කරගන්න කියල.

කොහොම හරි හිටපු නගරාධිපති ගෙදර ගියා.
දැන් ඉන්න අලුත් නගරාධිපතිවරයාත් මහනගර සභාවට අයත් නමුත් වෙනත් අය විසින් අවභාවිතා කරමින් සිටින අයගෙන් නැවත ඒ දේපල ලබාගන්න වැඩේට ලොකු උනන්දුවක් නෑ වගේ.

කොටින්ම කියනව නම් කාමච්චෝඩේ ක්‍රිඩා පිට්ටනිය ඉක්මනින්ම මහනගර සභාවට පවරගන්න වැඩේට ලොකු උද්යෝගිමත් විදියට වැඩකරනව නම් පෙන්නෙ නැ.

සජිත් මොහාන් මේ කරුණ ගැන මහසභාවේදි දිගින් දිගටම මතුකලා විතරක් නෙමේ යෝජනාවන් එහෙමත් ගෙනවා.

හැබැයි මාලිමාව කසාය බිපු ගොළුවෝ ව⁣ගේ මේව ගැන නිහඬයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here