spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ මනාපය සරත්ට?

Must read

Sarath_Mahinda_410px_17-07-මීගමුව තුල කාගෙත් කථා බහට මේ දිනවල ලක්ව ඇති මාතෘකාව වි ඇත්තේ  දෙරණ නාලිකාව මගින් මීගමුවේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරමින් තියෙන හෙළිදරව් පිළිබදවයි.මේ සමානම කථා බහක් මීට වසර කිපයකට ඉහතදි ඇතිවිය.ඒ  මීගමුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිවස සහ ඔහුගේ සමිපතයන්ගේ නිවෙස් කීපයක්ම විශේෂ කාර්යය බලකාය විසින් වැටලිම පිළිබදවය.
ඒ දිනවලදි මීගමුවේ අස්සක් මුල්ලක් නෑර මතුව ආ සංවාදයෙන් කියැවුනේ කුඩු සෙවිම සදහා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක ව තිබුණ බවය.
අප එදා අවධාරණය කරනු ලැබුවේ  ඇමති නිමල් ලංසාෙග් නිවස වටකිරිම ආණ්ඩුෙව් ඉහල ලොක්කන්ගේ මෙගා ටෙලිනාට්‍යයකම කොටසක් බවය.
මල්ලි හරයා විශේෂ බලකාය ඇමති නිමල් ලංසාගේ නිවස ට යැවු ජනපති පසුදා හෙලිකොප්පටරයකින් පැමිණ ඇමති නිමල් ලංසා බදාගෙන මල්ලි බයවෙන්න එපා මම මේ ගැන සොයා බලනවා යැයි කිෙව්ය.
ලංසා සමිපයේ සිටි දේශපාලන මිතුරන් පවසන්නට පටන් ගත්තේ එදිනවල යෙදි තිබුන ජනපතිගේ විදේස් සංවාරයකින් පසුව පැමිණි විගස නිමල් ලංසා වෙත මීගමුව ආසනයේ සංවිධායක කම ලබාදෙන බවය.
එහෙත් එය එසේ සිදුවුයේ නැත.
ඒ සිදුවිමෙන් වසර ගණනාවකට පසු ජනපති මීට සතියකට පමණ ඉහතදි මීගමුවට පැමිණ අවස්ථාෙව් රාත්‍රි අහාරය සදහා ගොස් තිබුනේ මීගමුව  ආසන සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නිවසටය. ඒ සදහා මීගමුවේ කිසිදු දේශපාලකයෙකුට ආරාධනා තිබුනේ නැත.
ඇමති බිරිදගේ ආහාරපානවල රහගුණ ගැන පවා කතා කරමින් ජනපති පැය 4 ක පමණ කාලයක් සරත් ගුණරත්න මහතාගේ නිවසේ රැදි සිටියේය.මේ දිර්ඝ රාත්‍රි ආහාරය ගැන මාධ්‍ය විසින් සටහන් තබා තිබුනේ මතුවෙමින් එන දේශපාලන අර්බුද හමුවේ ජනාධිපති වරයා ඔහුට විශ්වාස වන්ත කොටස් තමන් වෙතම ඇදබැද තබාගැනිම සදහා මෙවන් මෙහෙයුමක් ක්‍රියාවට නගන්නට ඇති බවය.
සරත් ගුණරත්න යනු පක්ෂය මාරුනොකොට තනතුරු නොලැබුනද එහි සිටි දේශපාලකයන් අතුරෙන් එක් අයෙකු ලෙසින් ජනපති ඔහු ගැන යම් විශ්වාසයක් තබා ඇති බව  මේ සියල්ල තුලින් මතුවි පෙනෙන කරුණයි.
මේ සියල්ල මෙසේ සිදුවෙමින් තිබියදි දෙරණ නාලිකාව කුඩු වලට එරෙහිව දැවැන්ත මාධ්‍ය හෙළිදරව්වක් දැන් පටන්ගෙන තිබේ.ඒ කථාබහ මැදට යළිත් නිමල් ලංසාව රැගෙන විත් තිබේ.
රජපවුලේ ප්‍රධානින් විසින් අධ්‍යක්ෂණය කරන්නට පටන් ගත් මෙගා ටෙලියේ තවත් ජවනිකාවක් මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ දිගහැරෙමින් තිබේද……????

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article