spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්දගේ මීගමු රැළියේ නීතිවිරෝධි සැරසිලි ඉවතට ..පොලිසිය සීරුවෙන් .

Must read

123457මීගමුව මහනගර සභාවේ අද සවස පැවැත්විමට නියමිත එක්සත් ජනතා සංධානයේ මහින්ද රාජපක්ෂ පැමිණෙන රැළියේ සියළු නීතිවිරෝධි සැරසිලි ඉවත් කිරිමට මීගමුව පොලිසිය මීට සුළු මොහොතකට කලින් ක්‍රියාත්මකව තිබුණි.
සංවිධායකයන් විසින් පාර හරහා ඇද තිබුණ කොඩි වැල් මෙන්ම නිල් පාට ධජ සියල්ලම පොලිසියේ මැදිහත්විමෙන් ඉවත් කර තිබුණි.
පොලිසිය මෙසේ ක්‍රියාත්මකව තිබුනේ මීගමුව කොළඹ මාර්ගය හරහා ඉදිකර තිබුණ තොරණක දිනන මහින්ද යනුවෙන් අතිවිශාල බැනරයක් අලවා තිබිම ගැන ලද පැමිණිල්ලට අනුව ය.
මෙම සිදුවිම මැදට පැමිණි මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්ත මහතා පොලිසියට සිය විරෝධය පළකරමින් කියා සිටියේ මීගමුවට අද එන්නේ රට බේරාගත් නායකයා බවත් පොලිසිය මෙසේ කටයුතු කිරිම පිළිකුල් සහගත බවත්ය,
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පසුගිය දිනවල පැවැති රැළිවලදි පොලිසිය මැදිහත්ව සැරසිළි ඉවත් නොකළේ මන්දැයිද ඔහු විමසා සිටියේය.
කෙසේ වෙතත් පොලිස් අාරංචි මාර්ග දක්වා සිටින්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් දැනුම් දි ඇති පරදි පාර හරහා සැරසිලි සිදුකළ හැක්කේ පක්ෂයේ නායකයා පැමිණෙනවා නම් පමණක් බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article