spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද රාජපක්ෂව ගෙදර යවන්න පෙළගැසෙන්නැයි සුදර්ශණි කටාන ජනයාගෙන් ඉල්ලයි

Must read

Screenshot from 2018-09-02 22-42-48(10.45 pm ) ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසි විශේෂඥ වෛද්‍යවරියක වු සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය අද රටේම කථාබහට ලක්වු ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඒ ලබන 5 වෙනිදාට මහින්ද රාජපක්ෂ ගෙදරයැවිමට කටාන ජනයාට පෙළගැසෙන්නැයි කරන ලද ඉල්ලිමත් සමගින්ය.
සිය සැමියාගේ අභාවයෙන් පසු අවස්ථාවාදි දේශපාලනය නිරත වන්නට සිදුවු හිටපු ඇමතිණිය මහින්ද රාජපක්ෂ පිළෙත් පසුව මෛත්‍රි පිළෙත් සිට ඇමති වරදාන ද ලැබ දැන් යළිත් මහින්ද පිළට හේත්තු වන්නට දැන් පෙරමුණ ගෙන ඇත.
මේ අවස්ථාවාදය කෙසේ වුවද සිය සැමියාට දේශපාලනයෙන් පමණක් නොව ජිවිතයෙන්ද සමුගන්නට හේතුවු රාජපක්ෂලාගේ දේශපාලනය හා යළිත් හාදවෙලා යමන් පනේ යැයි කියන්නට ඇයට සිදුව තිබේ.
එහෙත් ඇත්ත ඇත්ත නම් ඇය පෙනි සිටිය යුතුව ඇත්තේ රාජපක්ෂලාට එරෙහිවය.
දෛවයේ සරදමක් ලෙසින් අද පෙරවරුවේ කටානේදි සිදුව තිබුනේද එයය.
එනම් ඇය කට වැරදිමකින් හෝ මහින්ද රාජපක්ෂව ගෙදර යවන්නට එන්නට යැයි කටානේ ජනතාවගෙන් ඉල්ලා සිටිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article