ශ්‍රම හිඟයට පිළියමක් ලෙස කියා යාන්ත්‍රිකකරණය පාරිම්පරික මාදැල් කර්මාන්තයට යොදාගත් මාදැල් හිමියන් සහ ධිවරයන් දැන් ලොකු අර්බුදයක.
පහුගිය දෙසැම්බර් 31 ඉදන් මේ මාදැල් ඇදිල්ල තහනම් කරල.
දැන් ධිවරයෝ දිගටම උද්ඝෝෂණයක.
ලංකාව වටේම විරෝධතා පවත්වපු මාදැල් ධිවරයෝ ජනාධිපති කාර්යාලය ඉදිරියට ඇවිත් දැන් දවස් 5ක් තිස්සේ නොනිදා රැය පහන් කරමින් උපවාසයක.
නමුත් ජනාධිපති නෙමේ තාම සාකච්ඡාවක් දුන්නේ.
එතරම් උද්දච්ච වෙන්න ඕනද?
කෝ මේ කාර්දිනල් හිමියෝ එයාගේ කතෝලික ජනතාව දැන් දවස් 5ක් තිස්සේ මහපාරේ .හැබැයි උන්නාන්සේ මේ අර්බුදයක ගැන වචනයක් වත් කතා කරපු වගක් නම් නැ තාම.
මාදැල් ධිවරයෝ කියන්නේ ඇමති එයාට ඡන්දෙ දුන්න අයව සතුටු කරන්න මෙ තීරණය ගත්තලු.
එයාල කියන්නේ මෙදා සැරේ එයාලත් ඡන්දෙ දුන්නේ මාලිමාවට කියල.
මාදල් කර්මාන්තයට පක්ෂව සහ විපක්ෂව දැන් සංවාදයක් පටන් අරන්.
පරිසරවේදියෝ මේකෙන් වෙන හානි ගැන දිගටම මතුකරමින් ඉන්නව.මාදැල් ධිවරයෝ අභියෝග කරනව එයාල භාවිත කරන වින්ච් එක සහිත සිස්ටම් එක තමයි වෙනත් රටවලත් භාවිතා කරන්නේ කියල.
අනික නාරා එකටත්
එයාල අභියෝග කරනව.ඒ අස්සේ හුලං අත බලල රුවල දාගන්න ට්‍රයිකරන දේශපාලකයොත් වැජෙඩට බැහැල.
එම්.පි.ප්‍රනාන්දු













