යාන්ත්‍රික සිදුකරන මාදැල් ඇදීම රජය විසින් තහනම් කිරීමත් සමග මාදැල් කර්මාන්තයේ නියලෙන ධීවරයින් විසින් සිය රැකියා අවස්ථා අහිමිවීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධය හමුවේ හිතකර මාදැල් කර්මානතය සිදුකළහැකි ක්‍රමවේදයන් පිලිබදව සොයා බලන ලෙස ජනාධිපතිවරයා යෝජනා කරන ලදී. ඒ අනුව සකස් කළ වැඩපිළිවෙලෙහි එක් අදියරක් මීගමුව සෙත්තප්පාඩුව ප්‍රෙද්ශයේදී අද පෙරවරුවේ දී සිදුවිය. ඒ සදහා නාරා ආයතනය විසින් අද පෙරවරුවේදී සමීක්ෂණයක් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට නාරා ආයතනය ඇතුළු ආයතන කීහිපයක් සහ මාදැල් ධීවර කරුවන්ගේ සංගමයේ සභාපති දිල්රුක් ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.













