සාගර විද්යා දෙපාර්තමේන්තුවෙ අදහස තමා මේ. ඒක ඇත්තක් නම් අපේ පරිසරට වෙනුවෙන් අපි කරන දේවල් අඩියක් පස්සට ගැනීම තමා සුදුසුම දේ
තහනම් කරලා තියෙන මාදැලේ ඇත්ත කතාව…” ✅
ඉස්සර හැමෝම මා දැල් ඇද්දේ මිනිස් ශ්‍රමයෙන්…”
ඒත් දැන් සමහරු මා දැල් අදින්නේ ට්‍රැක්ටර් වලින්..”
ට්‍රැක්ටර් වලින් මා දැල් ඇදීම මා දැල් එලන වපසරිය පුළුල් කරන්න හේතුවක් වෙනව..”
ඒ කියන්නෙ මා දැලක් මිනිස් ශ්‍රමයෙන් 1Km වපසරියක එලනවනම් ට්‍රැක්ටරෙන් 4km වගේ එලන්න පුලුවන්..”
මොකද මිනිස් ශ්‍රමයෙන් අදිනවට වඩා යාන්ත්‍රිකව මේක කරන්න පුලුවන් කාර්‍යක්ශමව…”
ඒත් ප්‍රශ්නෙ තමා මේකෙන් සිදුවන පරිසර හානිය.
මිනිස් ශ්‍රමයෙන් මා දැල් අදිදී මා දැල මත යෙදවෙන්නේ සීමිත බලයක්…”
නමුත් ට්‍රැක්ටර් මඟින් මා දැල් අදිද්දී අධික බලයක් මාදැල මත යෙදෙනවා..”
ඒ අධික බලයත් එක්ක මා දැල මුහුදු පතුල දිගේ ඇදිලා එද්දී මා දැල එන්නේ සියල්ලම විනාශ කරගෙන..”
මේක දිගටම කරොත් කාලයක් යනකොට සාගර කලාපය විනාශ වෙනව…”
🚩 පොඩි මාලු පැටව් ටික විනාශ වෙනව,
🚩 මාලු බිත්තර විනාශ වෙනව,
🚩 සාගර කලාපෙ තියෙන ශාක විනාශ වෙනව,
🚩 ට්‍රැක්ටර් නිසා වෙරළ තීරයම විනාශ වෙනව,
ඒත් මිනිස් ශ්‍රමයෙන් අදින මාදැල් තහනම් කරල නෑ…”
🚜 ට්‍රැක්ටර් භාවිතය විතරයි තහනම් කරල තියෙන්නෙ…” 🐟🐠🐡️
ඔබම තීරණය කරන්න “අද” අපි මුහුද හූරන් කාලා “හෙට” අපේ දරුවන් කන්නේ මොනවද..???
නාලක පුෂ්පකුමාර












