මාරිස් මෝටර් රැළේ -2025

0
332
පළමු ස්ථානය හෙවත් ශූරයන්ට ත්‍යාග පිරිනැමු අවස්ථාව
සියලු ජයග්‍රහකයන් ආරාධිත අමුත්තන් සමඟ

මීගමු අභිමානය , ලොවට කියන
මාරිස් ආදි සිසුන්ගේ MMR -2025 ..
18 වැනි වරටත් ……

මෙරට පමණක් නොව, විදේශ රටවල පවා ජනප්‍රියතලයේ මෝටර් රැළේ තරඟයක් ලෙස ප්‍රකට මාරිස් මෝටර් රැළේ තරඟය ( MMR-2025) 18 වන වරටත් 2025/07/26 වැනි සෙනසුරාදා දින පවත්වනු ලැබීය. මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරමින් පවත්වනු ලැබූ මෙම මෝටර් රැළේ තරගය සඳහා මෙවර කිලෝමීටර් 100 පමණ දුරක් නියමිත විය. එලෙසම තරඟකරුවන් 50 දෙනෙකු කාර් රථ, එස්.යු.වී රථ සහ ඩබල් කැබ් රථ ඇතුළු වාහන 50 ක් මෙවර තරගය සඳහා ඉදිරිපත් වී තිබිණි. ඒ අනුව ප්‍රධාන වශයෙන් එක් වාහනයක තරගකරුවා සහ ඔහුට මග පෙන්වන සහයකයෙකු සිටිය යුතුය. ඒ අනුව ලබාදෙන වේලාව මත , ඉලක්කගත ස්ථානය සොයා, මාර්ග නීති රීති හා තරග නීති කඩ නොකරමින් තමාගේ රථය ජයග්‍රාහී ස්ථානය වෙත ධාවනය කල යුකු වේ. ඒ අනුව එම නිර්ණායකයන් යටතේ, ස්වාධීන විනිශ්චයක් මගින් මෙහි ජයග්‍රහකයන් තෝරා ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here