මාලිමා රජයක් යටතේ ඉදිකළ අනවසර කඩයක දැන් බිස්නසුත් පටන් අරන්?

0
820

 

වත්මන් මාලිමා නගර පාලනයේ හෑබෑම යථාර්ථය කියැවෙන කදිමම උදාහරණය තමයි මිගමුව බස්නැවතුම ඉදිරිපිට තියෙන මාළු වෙළද සැල සමිපයේ ඉදිකර ඇති අනවසර පෙට්ටි කඩය.

මේ හැදුනේ මාලිමා රජයක් ප්‍රකාශයට පත්වුනාම පස්සේ.හදල තිබුනේ ලංසා පවුලේ හිතවතෙක්.
පහුගිය මැයි 11 තමයි අපි මේකෙ මුල්ම පින්තූරය ගත්තේ.

කාලයක් මේක ඔහෙ වහල තිබුන.හොදට කොන්ක්‍රීට් එහෙමත් දාල හදල තියෙන මේ පෙට්ටි කඩේ කොහොමද මාලිමා පාලනයක් යටතේ ඒ තරම් විශ්වාසකින් හැදුනේ කියන එක තමයි පුදුමෙ.

දැන් ඊටත් වඩා පුදුමෙ හීන්කෙන්ද පාලනය යටතේ මේකෙ බිස්නසුත් පටන් අරන් තියෙන එක.

මේව ගැන කරුණු සහිතවම හෙ⁣ළිදරව් කලාම මිගමුවේ මල්ලිකාලා හෑලි ලියන්න ගන්නව.මල්ලිකාල පුනරුදයට ඇත්තටම ආදරය කරනවනම් මාලිමාව වැරදි කරනව නම් එයාලව හරි පාරට ගේන්න කටයුතු කරන්න ඕනා.එහෙම නැතුව ඕන එකටයි එපා එකටයි හෑලි බුකියෙ අලවන්නේ නැතුව.

දැන් එතන බත් කඩයක් කරගෙන යනව.මේසයක් එහෙමත් මේ පෙට්ටි කඩේ ඉස්සරහ දාල.

ඇත්තටම ලංසාලත් එක්ක මාලිමාවේ කාට හරි හොද ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් මේ වෙනකොට මතුවෙලා.
එක එක තැන්වල එහෙමත් දැන් කියවෙන්න පටන් අරන්.

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට පාත් වෙයි වගේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here