මාස ගාණකින් නොපැවැත්වුන සම්බන්ධිකරණ කමිටුව යළිත් කල් යයි.

0
522

 

සම්බන්ධිකරණ කමිටු රැස්විම පොදුවේ හැම නගරයකටත් විශේෂයෙන්ම මිගමුවටත් ඉතාමත් වැදගත් හමුවකි.

දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද එකම තැනකට මෙහිදි රැස්වේ.

මිගමුවට අදාලව පුනරුද ආණ්ඩුව තවමත් දැනෙන දෙයක් කර නැතැයි අද පවතින පොදු විවේචනය බවට පත්ව තිබේ.

ලංස පවුල් පාලනය විසින් මිගමුවේ මර්මස්ථාන පළාත් පාලන නිතිවලට බැහැරව කර ඇති අනිතික පාලනය ගැන නිසි විමර්ශන කඩිනමින් සිදුවනු ඇතැයි මාලිමාවට ඡන්දය දුන් බහුතරයකගේ පොදු පිළිගැනිම විය.

තතු මෙසේව තිබියදි මාස ගණනිකින් නොපැවත්වුන මිගමු සම්බන්ධිකරණ කමිටු රැස්විම අද (04) දිනට යෙදි තිබුණද එය යලිත් වරක් ජුලි 09 වෙනිදාට කල්දමා ඇතැයි වාර්තාවේ.

ලංසා පවු⁣ල විසින් දශක දෙකකට ආසන්න කාලයක පුද්ගලික දේපලක් සේ පරිහරණය කරමින් රු කෝටි ගණනින් හම්බකරගනිමින් සිටින බිච් පාක් එකට පුනරුද පාලනය යටතේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනිමට බොහො දෙනා උනන්දුවෙන් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here