spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාළු මිල ගණන් ඉහළට

Must read

පසුගිය සති දෙක තුනක පැවතියාවු මාළු මිල ගණන් වලට වඩා යම් තරමක මාළු මිල ගණන්වල වැඩිවීමක් අද දවසේදී මීගමුව ලෙල්ලම් තුළ වාර්තා වුනා. විශේෂයෙන්ම කුඩා බෝට්ටු මඟින් ළඟ දිය⁣ඹෙන් අල්ලා ගැනෙන එනම් දවසේ මාළු වල මිල ගණන් ⁣මෙලෙස වැඩිවීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම එයට සාපේක්ෂකව උතුර සහ දකුණ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකින් මීගමුව ලෙල්ලම් වලට රැගෙන එන අයිස් මාළුවල (ටෝලර් මාළු) මිලෙහි ද යමි වැඩවිමක් දක්නට ලැබෙනවා. මාළු මිල වැඩිවීමට බලපා ඇති ප්‍රධානතම කාරණාව වන්නේ වෙරලාශ්‍රිත නොගැඹුරු මුහුදේ මාළු අස්වැන්න හිඟවීමයි. එලෙසම දවසේ බෝට්ටු වලට යන ඉන්ධන මිල විශේෂයෙන් භූමිතෙල් සඳහා යන වියදම ඉහළ යෑමයි. මේ හේතු නිසා ලෙල්ලම් වලට විකිණීමට ගෙන එන මාළු ප්‍රමාණය අඩුවීමත්, නැවුම් මාළු (දවසේ මාළු) වලට ඇති ඉල්ලුම වැඩිවීමත් නිසා මෙලෙස මීගමු ලෙල්ලම් තුළ පසුගිය සති කිහිපයකට සාපේක්ෂකව මාළු මිලෙහි වැඩිවීමක් දක්නට ලැබෙනවා. පසුගිය සතියේ රු 250කට අලෙවි වූ සාලයා කිලෝ එක මේසතියේ රු 450 දක්වා ඉහළගොස් තිබුණි.

අද  මිල ගණන් 

*සාලයා කිලෝ 01ක් = රු. 300 – 350

*සූඩයා කිලෝ 01ක් = රු.
250 – 275

*හුරුල්ලා කිලෝ 01 ක් = රු. 500 – 600

*කෙළවල්ලා කිලෝ 01 ක් = රු1000 – 1100 (අයිස් මාළු)
රු1200 – 1300 (දවසේ මාළු)

*බලයා කිලෝ 01 ක් =
රු 500 – 550 ( අයිස් මාළු)
රු 700 – 750 (දවසේ මාළු)

*ලින්නා කිලෝ 01 ක්
රු 350 – 400 (අයිස් මාළු)
රු 400 – 450 (දවසේ මාළු)

*පූච්චකන්නි කිලෝ 01 ක්
රු 600 – 650

*කුම්බලාව කිලෝ 01ක්
රු 700

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article