මාළු මිළ අඩුවෙයි ! ව්‍යාපාරිකයා ලතවෙයි!

0
561

 

දැන් සතියක පමණ කාලයක සිටි මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ සීඝ්‍ර ලෙස පහල යමින් තිබේ.

සාලයා රු 100කි.බලයා රු 500යි .හුරුල්ලා රු500යි.පරා පැටව් 400යි.ලින්නා රු 450යි.

ලංකාව පුරාම මේ කාලයේ මුහු වලාල විම( සැර නැතිවිම ) මේ ආකාරයෙන් බහුල ලෙස මසුන් අල්ලා ගැනිමට හැකිව තිබිම නිසා දිනපතාම විශාල ලෙස උතුරෙන් නැගෙනහිරින් මෙන්ම දකුණෙන්ද මසුන් තොග බහුල ලෙසින් මිගමුව පැමිණෙමින් තිබේ.

කෙ⁣සේ වෙතත් මේ තත්වය ලෙල්ලමේ මාළු ව්‍යාපාරිකයා දැවැන්ත මුල්‍ය අර්බුදයක් නිර්මාණය කර තිබේ.ඔවුන් කියන්නේ මුලතිව් සිට මිගමුවට මාළු ලොරි වලට ගෙවිය යුතු මුදලවත් මේ දිනවල ආවරණය කර ගැනිමට නොහැකි බවයි.එපමණක් නොව මේ දිනවල දිනපතාම විශාල වශයෙන් මසුන් තොග පැමිණෙමින් තිබේ.මිළට ගැනිමට එන වෙළදුන් මෙන්ම පාරිභොගිකයන්ද අඩුය.බොහෝ දිනවල මාළු තොග ඉතිරු වෙයි.අයිස් කිරිම පවා මේ දිනවල මිළ අධිකය.අයිස් කළත් හෙට දිනයේද විශාල වශයෙන් මාළු තොග පැමිණෙ.කලින් දිනයෙ අයිස් කරන මාලු විකුණා ගැනිම මේ නිසා තවත් අපහසු වනු ඇත.

කෙසේ වෙතත් තවත් සති දෙකක් පමණ කාලයක් මේ ආකාරයට මසුන්⁣ගෙ මිළ පහල මට්ටමක පැවැතිය හැකි බවත් ඉන්පසු යලිත් මාළු හිඟ වි මිළ ඉහල යන බවත් ලෙල්ලමේ සිටින මාළු ව්‍යාපාරිකයෝ කියා සිටිති

 

 

 

 

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here