මැතිවරණත් ඉවරයි ! තෙල් මිළත් ඉහල යයි !

0
263

ඊයේ  (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කිNGB fishermen 6

්‍රඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇත.

මෙම මිළ ගණන් වැඩිවිම ගැන පොදු ජනයා කියා සිටින්නෙ දැන් ඉතින් මැතිවරණත් නැති නිසා පුනරුද ආණ්ඩුවත් බය නැතුව තෙල් මිළ වැඩි කිරිමට පියවර ගෙන ඇතිබවය.

ඩීසල් මිළ වැඩිකිරිම යළිත් වටයකින් බඩු මිළ ඉහල යාමට වක්‍රකාරයෙන් බලපාන්නට නියමිත බවද ඔවුහු කියා සිටිති.
භුමිතෙල් මිළඅඩුවෙනු ඇතැයි සිතු ධිවරයන්ට දැන් සිදුව ඇත්තේ බලාපොරොත්තු සුන්කරගැනිමට බවද කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here