spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැලේසියා සමුළුවේ දී මහින්ද රාජපක්ෂට විරෝධය

Must read

mahinda1 mahinda1.jpg2හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා මැලේසියාව බලා පිටත් වූයේ සමුළුවකට සහභාගීවීමට බව ප්‍රකාශිතය. එහිදී සැප්තැම්බර් 02 වනදා ක්වාලාලාම්පූර් හි මෙම සමුළුව පැවැත්වෙන ස්ථානයේදී විරෝධතාකරුවන්  70ක්පමණ රැස්වී මහින්ද රාජපක්ෂ මහතාට විරෝධය පාමින් සටන්පාඨ ඔසවා විරෝධය ප්‍රකාශ කර ඇත. පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවය පැවැත්වී ඇති අතර මෙම විරෝධතාවයට මැලේසියානු රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පක්ෂ සහ ක්‍රියාධරයන් සහභාගී වී ඇත. මෙම  විරෝධය අවසානයේදී ඔහුගේ රුව සහිත ඩමියක් ගිණි තබා ඇති අතර, උද්ඝෝෂකකරුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ  මහින්ද රාජපක්ෂ මහතාව මැලේසියාවෙන් පිටුවහල් කරන ලෙසයි. වාර්තා වන ආකාරයට එම විරෝධතාවය අතරතුරදී සමුළුව පැවති ස්ථානයෙන් මහින්ද රාජපක්ෂ මහතා රහිසින්ම පිටව ගොස් ඇත.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article