මිගමුවේ අවතැන් වු ජනයාට බෙදන්න ගෙනා බත් පැකට් කොටුගොඩ පැත්තටත් ගියාද ?

0
579

 

මිගමුවේ පුනරුදයේ අතිබහුතරයක් නාගරික මන්ත්‍රිලාගේ හැසිරිම් පිලිබදව දැඩි වි⁣වේචන මහනගර සභාවේ සේවකයන් මෙන්ම නිලධාරින් තුලද බරපතල ලෙසින් වර්ධනය වන්නට පටන් ගෙනය.නගරාධිපතිවරයා පවා ඇතැම් අවස්ථාවන් වලදි හැසිරෙන ආකාරය ගැන යම් නොසතුටක් ⁣නගර සභාවේ නිළධාරින් අතරේ පවතින බවද කියැවේ

මෙයට ආසන්නතම හේතුව වි ඇතැයි කියන්නේ නිළධාරින්ද මැදිහත්වි විපතට පත්වුවන් වෙනුවෙන් එකතු කරන ලද සහනාධාර දේශපාලන අධිකාරිය විසින් නිලධාරින්ට පවා චණ්ඩි පාට් දමමින් ඔවුන්ගේ දේශපාලන ව්‍යපෘතියක් බවට පත්කරගෙන ඇති නිසාය.

දානපතියන් පරිපාලන අධිකාරියේ කාරුණික ඉල්ලිම් වලට වැඩි ප්‍රතිචාරයක් ලබාදෙන බවද පැවසේ

කොටින්ම කියන්නේ නම් එකතුවන බත් පාර්සල් පවා කොටුගොඩ ජාඇල වැනි ප්‍රදේශවලට රැගෙන ගිය බවටද චෝදනා මේ වන විට එල්ලව තිබුනේ මෙවන් පසුබිමකදිය.

එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් එවැනි චෝදනාවක් එල්ලවි තිබිම නිකන්ම බැහැර කළයුත්තක් නොවේ.

එසේ කළ පුද්ගලයන් ගැනද නිලධාරින් මේ වනවිටත් දැනගෙන ඇති බවටද කසුකුසු පවති.

මෙතන ඇති ගැටලුව මිගමුවේ බත් පාර්සල් , තවත් තැනට රැගෙන යාමට එහා ගිය එකකි.

එය බත්කන ජනතාව හෝ බඩගින්න පිලිබද ප්‍රශ්ණයක් නොවන්නේමය.

දශක දෙකක් පවුලක පාලනයට යටත්ව තිබුන නගරයක විනයගත දේශපාලන බලවේගයක ප්‍රවේශයක් හරහා මෙවැන්නක් කිසිවිටකත් බලාපොරොත්තු නොවුන බව නගර සභා සේවකයෝ පවා කියා සිටිති..

මේ සකලකාර උද්දච්ච කම්, අධිකාරිත්වයන් යලිත් වටයකින් පාර කපන්නේ සැබැ අරගලයක් විසින් නන්නත්තාර වන්නටම  පරාජය කල පවුලකට හා ඒ අයගේ බඩියන් ට දේශපාලන උත්තේජනයන් ලබා දිම වෙනුවෙන් බව අප කිසිවිටකත් අමතක නොකළ යුතුය.

මිගමුව තුල යළිත් කිසිවිටකත් පවුලක පාලනයට ඉඩක් නිර්මාණවිම සදහා කිසිදු ඉඩක් ලබා නොදිය යුත්තේමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here