spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ඇවෙන්රා හෝටලයේ ගේට්ටුව හදිස්සියේම අද වසා දැමුනේ ඇයි?

Must read

ලක පරසිඳු මිගමුවේ ඇවෙන්රා හෝටලයේ පිවිසුම් දොරටු හදිස්සියේ කඩිමුඩියේ අද(23) දහවල් 11.45 ට වසා දමා තිබුණි.

ඒ ඇයිදැයි විමසා බලන විට ඉතාමත් විශ්වාසවන්ත ලෙස දැනගන්නට ලැබුනේ මේ සුපිරි හෝටලයේ අහාර පිලියෙල කිරිම සඳහා භාවිතා කෙරෙන කුස්සිය ඉතාමත් අපිරිසිදු තත්වයක පැවැතිම නිසා,ඒ ගැන ස්ථානීය පරික්ෂණයක් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් ආරම්භ කර තිබුන නිසා බවය.

මෙහි අධිශිතකරණවල සහ ශිතකරන වල පිසිමට ගන්නා මස් මාලු ගබඩා කර තිබුනේ කිසිදු ප්‍රමිතියකින් තොරව බවද සැලය.එපමණක් නොව පිසින ලද ආහාරද මේ සමගින් ශිතකරණවල ගබඩා තිබුන බව සැලය.

එමෙන්ම එහි තිබු පානිය ජල බෝතල් පවා කල්ඉකුත්වු ඒවා බවද වාර්තාවේ.

ප්‍රමිතියෙන් තොරව පවත්වා⁣ගෙන යමින් තිබුන මෙම මුළු තැන් ගෙයට මේ වන විට සීල් තබා ඇතැයිද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article