මිගමුවේ කසල ප්‍රශ්ණය හරියට කාල බෝම්බයක් වගේ .හරි විදියට කඩිනමින් නිසි කළමනාකරණය සැලැස්මක් දැම්මේ නැත්නම් අනිවාර්යයෙන්ම පුපුරල යනව.
පහුගිය දවසක මිගමුව ගැන බලන නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න කියල තිබුන ලගදිම කසල කළමණාකරණ ව්‍යාපෘතිය මිගමුවට එනව කියල.ඒක ඇත්තටම වැදගත් .ඒ හින්ද ඒ වැඩේ හරි විදියට කළමනාකරණය කරගෙන කසල ප්‍රශ්ණය ගොඩදාගන්න ඕනා.
හැබැයි වැඩේ කියන්නේ කසල ප්‍රශ්ණයේ බරපතල කම ගැන මිගමුවේ යථාර්ථය ගැන හරි අඩුම තරමේ කුණු ගිහින් දාන ඕවිටියාවත්ත ඇස්දෙකෙන් දැකපු කි දෙනෙක් මාලිමාවේ මෙදා සැරේ මන්ත්‍රී මණ්ඩලයේ ඉන්නවද කියන එක.
මිගමුවේ මේ ප්‍රශ්ණයට ස්ථිර විසදුමක් ගේන්න නම් මේ හැමෝගෙම සාමුහික දායකත්වය අනිවාර්යයෙන්ම වැදගත්.ඒ විතරක් නෙමේ මේ ප්‍රශ්ණය ගැන හොද අවබෝධයක් තියෙන විපක්ෂයේ ඉන්න සමහර අයගේ දායකත්වයක් මෙතනදි වැදගත්.
මේ ව්‍යාපෘතිය ගැන ලගදි තිබුන කියන රැස්විමට ගිහින් හිටපු මාලිමාවේ නගරාධිපති ,උපනගරාධිපති සහ අනික් මන්ත්‍රී මැදිහත්වුන විදිය ගැන බලන කොටත් පේන්නේ අත්දැකිම් පිළිබද ප්‍රශ්ණයක් තියෙනව කියන එකයි
විදේශ ආධාර යටතේ ලැබෙන මේ වගේ ව්‍යාපෘතියකට අදාලව වෘත්තිය මට්ටමින් මැදිහත්විම වැදගත් .ප්‍රශ්ණයේ දිග පළල ගැන ඒ අයට හොද අවබෝධයක්, පරිචයක් තියෙන අයද මේ වැඩේට සම්බන්ධ වෙන්නේ කියන එක නම් දැන් ගැටළුවක්.
මේ නිසා ඇත්තටම වැඩේ ගොඩ දාන්න උදව් වෙයිද නැත්නම් වැඩේ ගඟේ යන තැනට කටයුතු සිද්ද වෙයිද කියන සැක පවා මතුවෙලා.
බලන් ඉමු.
ගණිතඥයෝ අවැසි තැනට නැට්ටුවෝ ආවොත් මොකද වෙන්නේ .
මේක තමයි අද මිගමුවේ ජනතාව මුහුන දෙන ප්‍රධානතම අභියෝගය..