මිගමුවේ කාරක සභා පත්කිරිම් වලදි “ඩීල්”තිබුනේ කා එක්කද?

0
181

 

මිගමුව මහ සභාවේ මංගල රැස්විමේදි විපක්ෂය වෙනුවෙන් ප්‍රධාන වශයෙන් අදහස් දක්වල තිබුනේ හිටපු ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සියල්ලත් ,තවත් නවක අය කිප දෙනෙකුත් විතරයි..

මේ හැමෝම නගරාධිපති අමතමින් අවධාරණය කරල තිබුනේ මිගමුව ගොඩනගන වැඩේදි අපි නගරාධිපති තුමාට සහය දෙන්න සුදානම් කියල.

ඇත්ත ,ඒක තමයි වෙන්න ඕනා.දැන් කව්රුත් එකතුවෙලා මිගමුව අලුතින් ගොඩනගන්න ඕනා.අනික මිගමුව විනාශ කරපු අයට කොන්දේසි විරහිතව දඬුවම් දෙන්න ඕනා.

මේකෙදි ලංසා විරෝධින් ලෙසින් මිගමුව තුල ස්වාධීන කණ්ඩායම් වලින් ඉස්සරහට ආපු කණ්ඩායම ඉතාමත් වැදගත් .මොකද එයාල තමයි පවුලක් මිගමුව කාබාසිනියා කරන්න ගහපු ගේම් හොදටම දන්නේ.

නගරාධිපතිවරයත් එයාගේ කතාවේදි මිගමු ගොඩනැගිම සාමුහික වැඩක් 49 ක් එකතුවෙලා කරමු වගේ අදහසක් තමයි මුලික වශයෙන් කියල තිබුනේ.

හැබැයි කාරක සභා පත්කිරිම් වලදි ඉතාමත් සැලසුම් සහගත විදියට මේ නගරාධිපති කියපු සාමුහිකත්ව ප්‍රවේශයට මුලුමනින්ම එරෙහි ගේමක් ගහපු බවක් තමයි පේන්න තිබුනේ කියල මේ ජේෂ්ඨ මන්ත්‍රීවරු බරපතල චෝදනාවක් කරනව..

ඒ කියන්නේ මිගමුවේ හිටපු ජේෂ්ඨ සභිකයන් කිසිම කෙනෙක්ව කිසිම ප්‍රධාන කමිටුවට නොදාන්න වගබලාගෙන තියෙනව කියල තමයි මේ චෝදනාව.

හැබැයි ආධුනික සභිකයන් කමිටුව වලට දාගෙන තිබුන විදියත් මරු.

සමහරු මාලිමාවත් එක්ක කතා කරපු ඩිල් වලින් එයාල කැමති කාරක සභාවලට දාගෙන තියෙනව කියන කසුකුසුවක් ඊයේම නගරසභාවේ හතර කොන් අස්සේ කතා වෙච්ච ප්‍රධාන මාතෘකාවක්.

මේ සෙට් එක අතරේ ලංසාගේ ප්‍රධාන ගෝලයොත් ඉන්නවලු
කර්මාන්ත, සෞඛ්‍ය, ක්‍රිඩා, ප්‍රජා වගේ කමිටුවට වලට ගිහින් තිබුන අය ගැන හොයල බලන්න.
එතකො⁣ට තේරියි ඒව කොහොමද එහෙම වුනේ කියල.

කොහොම හරි ප්‍රධානම කමිටුව වෙච්ච මුදල් කාරක සභාවේ  සජබට දිල තිබුන නියෝජනය ගැනත් ටිකක් විමසල බලන්නකෝ.ඒව ගැන වෙනමම පස්සේ කතා කරන එක වැදගත්.

මේ පසුබිම තුල තමයි මිගමුවේ හිටපු ජේෂ්ඨ සභිකයන්ව කෘෂිකාර්මික කියපු කමිටුවකට කොටුකරල කියන කරුණ  තමන්ගේ විවේචනයේ මුලිකම කාරණාව කරගෙන තියෙන්නේ.

අපි මිට කලින් ලියල තිබුන කාරක සභාව ගැන සටහනේදිත් මේ ජේෂ්ඨ මන්ත්‍රීවරු හැටියට මතුකරල තිබුනේ මාලිමාවේ නවක සභිකයෝ බය ඇති ප්‍රධාන කාරක සභාවල් වලට පළාත් පාලන නීතිය ගැන දන්න ⁣ජේෂ්ඨයෝ ආපුහාම එයාලව රජයේ නිලධාරීන් ඉස්සරහදි ලැජ්ජාවට පත්වෙයි කියන කා⁣රණය.
ඇත්ත .හැබැයි ප්‍රධාන කමිටු වල පලාත් පාලන නීතියට අනුව සැලසුම් කරගන්න ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

මුදල් කමිටුවේ අඩුපාඩු නිති ප්‍රශ්ණ 6දෙනෙක් අතර කතාබස් කරල විසදගෙන සබාව තුලට එන එක වෙනුවට දැන් වෙන්න නියමිතව තියෙන්නේ 48 දෙනෙක්ගේ ඉස්සර ඒ අඩුපාඩු සහ නිති ගැටලු කතා කරන්න වෙන එක.

තවත් කසුකුසුවක් ඊයේ නගර සබාව ඇතුලෙ තිබුන.සමහරු කිව්වේ ලංස පවුල ගානට එයාලගේ නියෝජිතයෝ ටිකකුත් වැදගත් කාරක සභාවල් වලට දාගන්න ගේමක් ගහල වගේ නේද කියල
.
මාර වැඩේ කියන්නේ එයාලට අවශ්‍ය නිලධාරින් ටිකත් ආණ්ඩුවත් ඇවිත් මාස 8ක් ගිහිනුත් තාමත් ඒ තැන් වල ගානට සෙට් වෙලාම ඉන්නව.

දැන් කාරක සභාවල් වලටත් ලංසාලාගේ ගෝලයෝ බැහැල වගේ කතා තමයි කියැවෙන්නේ

මාලිමාවට වැඩේ දෙන්න හදපු ස්වාධීන කණ්ඩායම් වල අයත් එක්කත් මාලිමාව දැන් ඩීල් දාන තැනට ගිහින්ද කියන විවේචනයකුත් දැන් තියෙනවා.

පළාත් පාලන මැතිවරණයට පෙර අපි කිව්වේ ලංසා විරෝධි ස්වාධින කණ්ඩායම් තිබුනේ තුනක් විතරයි කියල.

ඒ අනුව අනික් ස්වාධින කණ්ඩායම් සහ සමහර පක්ෂ තිබුනේ ලංසාලගේ ගොඩේ.

කොහොම උනත් හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුලුවන්.

නිමල් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here