මිගමුවේ නගරය පිරිසිදු කිරිමේ යෙදි සිටින කම්කරුවන් ට සතියකට සැරයක් නේස්කැපේ එකක් සහ බනිස් ගෙඩියක් දිමේ වැඩේ දැන් සති කිපයක් තිස්සේ ක්‍රියාත්මක බව මේ සම්බන්ධයෙන් ඇතැම් නාගරික මන්ත්‍රීවරුන් විසින් සමාජගත කරමින් ඇති පින්තුර වලින් පේනවා.
කොහොම උනත් හොද වැඩක්.හැබැයි හැමදාම මේ බනිස් දානය ගැන බුකියට පින්තුර බස්සන එක හොදයිද? ටිකක් හරි මදි නේද කියන එ අපි අහනව.
බනිස් තේ කටේ දාගෙන ඉන්න මන්ත්‍රීලාගේ වගේම සෞඛ්‍ය නිලධාරීන්ගේ පින්තුරද මේ අතර වෙනවා.පව් කියලත් හිතෙනව.
කොහොම නමුත් පහුගිය දවසක බුකිගත කරපු පින්තුර වලට මිගමුවේ පුරවැසියෙක් මරු ප්‍රතිචාරයක් බුකියේම දාල තිබුනා.
ඊටත් මරු කතාව තමයි සෞඛ්‍ය කමිටුවේ සභාපති නාගරික මන්ත්‍රී මොහාන් සහෝදරයා දිල තිබුන ප්‍රතිචාරය.තවත් මරු කතාවක් කම්කරුවෙක් අපට කිව්වා.ලංසලට සම්බන්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රි කෙනෙක් මේ බනිස් බෙදිල්ල අස්සේ එයාගේ.ඇඩ් එකකුත් බස්සලා තියෙන්නේ.( ඒ කියන්නේ ලංසල දැන් මාලිමාවත් අල්ලලද කියල කම්කරුවෝ අහනව)
මාලිමාවට මේ වෙනකොට රටපුරාම තියෙන ප්‍රතිචාර වලින් කියැවෙන පොදු කාරණයක් තියෙනව.ඒ තමයි මේකේ ඉන්නෙ ඇතමුන්ගේ පොර ටෝක්, කයියවල්වල නම් අඩුවක් නෑ කියල.
මොහාන් සහෝදරයගේ උත්තරය දැක්කමත් හිතුනෙ එහෙම තමයි.
සහෝදරවරු මිට වඩා ප්‍රොෆෙෂනල් විදියට උත්තර දෙන්න පුරුදු වුනොත් නරකද? මේ වෙන කොට විවේචනාත්මක ප්‍රතිචාර දක්වන්නෙත් මාලිමාවට ඡන්දෙ දුන්න අයම තමයි.
එතකොට එහෙම විවේචන වලට ප්‍රතිචාර දක්වන්න ඕන විදිය ගැන අපට හිතෙන්නේ මිගමුවේ ඉන්න මාලිමා සභිකයන්ට වෙනමම ටියුෂන් දෙන්න ඕන වගේ.බංකු නැතත් මේකනම් ඉක්මනින්ම කරන එක වැදගත්.
නිමල් ප්‍රනාන්දු














