මිගමුව මහනගර සභාවේ කොට්ටාශ 29 න් 27 ක් දිනා ගැනිමට මාලිමාව සමත්ව ඇතැයි නිල නොවන වාර්තාවලට අනුව සඳහන්ය.
මේ අතර මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් විසින් ඉතිරි කොට්ඨාස ජයගෙන ඇති අතර ඒ ස්වාධීන කණ්ඩායමක්( මහහුණු පිටිය ) සහ සජබ ( පෝරුතොට ) වශයෙන් ඒවා බෙදි ගොස් තිබේ.
මෙම ප්‍රතිඵලය සජබ කාවින්දගේ නායකත්වයට ප්‍රබල බලපෑමක් කරනු ඇතැයි සජබ ජේෂ්ඨයෝ කියා සිටිති.
ලයිස්තුවලින් එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට හිමි මන්ත්‍රීවරුන් ගණන තවමත් දැනුම් දි නොමැත.
ලංසා පවුලේ බල කොටුවක්ව පැවති වැල්ලවිදිය කොට්ඨාසය ජාතික ජන බලවේගයේ ප්‍රබලතම දේශපාලකයෙකු මාලිමා පාර්ලිමේන්තු අපේක්ෂක වෛද්‍ය හෙන්රි රොසාරියෝ ගම වු අතර වැල්ලවීදිය කොට්ටාශයද ලංසා පවුල අහිමිව යාම මේ ජයග්‍රහණය හෙන්රි රොසාරියෝටද වඩාත් සුවිශේෂි වන බව මෙහිලා විශේෂයෙන්ම සටහන් කළ යුතුව තිබේ.
කෙසේ වෙතත් මාලිමාවට ඉතා පැහැදිලි ලෙස මිගමුවේ පාලන බලය ස්ථාපිත කිරිම සදහා හැකියාව ලැබි ඇත.












