spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ කොවිඩ් මරණ 3 ක් ! රෝගින් 754 ක් !මහනගර සභාවේ අදත් දේශපාලන රැස්විමක් ?

Must read

මිගමුවෙන් අදත් කොරෝනා මරණයක් සිදුව තිබේ. ඒ 46 හැවිරිදි කාන්තාවකි.
ඒ මිගමුවෙන් වාර්තා වන තෙවන මරණයයි .එමෙන්ම මේ දක්වා වාර්තා වි ඇති රෝගීන් ගණන 750 ද ඉක්මවා තිබේ
මේ පිරිස අතර නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද විය.

මේ අතර නව කොවිඩ් ප්‍රභේදය වාර්තා වීමත් සමග පෙරට වඩා සෞඛ්‍ය නීති අනුගමනය කිරීමට ජනතාව පුරුදුවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබේ

තවදුරටත් ඔහු අවධාරණය කර ඇත්තේ මින් ඉදිරියට ගෘහස්ථ උත්සව සඳහා අවසර පතමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ඒමෙන් වලකින ලෙස තමන් ජනතාවට දැනුම් දෙන බවයි.
එමෙන්ම දැනට ලංකාවේ පැවැත්විය හැක්කේ සීමාවන්ට යටත්ව අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව පමණක් බව පැවසූ සභාපතිවරයා අද දිනයේ සිට සෞඛ්‍ය නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියා.

ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය ආසාදිතයින් ගෙන් හඳුනා ගැනීම නිසා ඉදිරියේදී මෙරටින් දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ

තතු මෙසේව තිබියදි මිගමු නගරාධිපති දයාන් ලංසා සහ ඇමති නිමල් ලංසා අද (14) දිනයේත් 300 ආසන්න පිරිසක් සහභාගිවිමට නියමිත බලමණ්ඩල රැස්විමක් කැදවිමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
මිට පෙරද කාන්තා බලමණ්ඩල රැස්විමක් සහ තරුණ බලමණ්ඩල රැස්විමක්ද පවත්වා තිබුණි.
මෙහිදි සදහන් කළ යුතු තවත් වැදගත්ම කරුණක් තිබේ.එනම් ඊයේ දිනයේ මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හට පැවැති ඇන්ටිජන් පරික්ෂණවලදි නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම නාගරික මන්ත්‍රිවරියන්ද 40 දෙනෙකු ඇන්ටිජන් පරික්ෂණ මඟහැර තිබුණි.
ඒ අතර මිගමුව නගරාධිපති දයාන් ලංසාද වු බව සැලය

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article