spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ නවක එජාප මන්ත්‍රි දුෂිතයන්ට සහය නොදෙන බව කියයි

Must read

මීගමුවේ නවක එජාප මන්ත්‍රිවරයා වන ලියෝ ප්‍රැන්ක් රත්නසිරි සම්බන්ධයෙන් අප පළකර තිබුන පුවතකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමා කිසිවිටකත් ඩීල් දේශපාලනයට හවුල් නොවන බවත් , කැනඩාවේ පුරවැසිය භාවයද විශ්‍රාම වැටුපකට හිමිකම් කියන තමාට ඩිල් වලින් මුදල් හම්බකරගැනිමට කිසිදු උවමනාවක් නැති බවය.

මිගමුවේ දේශපාලන ඉතිහාසය තුල කිර්තිමත් එජාප සංවිධාකයකයන් ලෙසින් සිටි ඩෙන්සිල් ප්‍රනාන්දු , සරත් චන්ද්‍ර ගුණරත්න වැන්නන් අතරට වැටුන ගොම බෙට්ට බදු වු වත්මන් එජාප සංවිධායක බෙන්ජමින් පිළිබදව දැනටමත් පැමිණිලි රැසක් පක්ෂයේ ඉහලම නිලධාරින් වෙතට වාර්තා කොට ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්නට ඇත.
ලංසා පවුලට වාසි ලැබෙන අයුරින් ලගනමන එජාප සංවිධායකගේ ඩීල් දේශපාලනයෙන් වත්මන් මන්ත්‍රිවරයාට බේරි සිටිය හැකිදැයි අප යළිත් වරක් අසා සිටින්නෙමු.

කෙසේ වෙතත් අප විසින් නවක මන්ත්‍රිවරයාට කළ අභියෝගය වි තිබුනේ ලංසා පවුලේ ඔඩොක්කුවට නොවැටි සිටින්නෙකු ලෙස ක්‍රියාවෙන්ම ඔප්පු කොට පෙන්වන ලෙසය.

දුරකථනයෙන් අප අමතා කියා සිටියේ ඔහු කිසිවිටකත් දුෂිතයන්ට වාසි ලැබෙන කිසිදු දෙයකට තමාගේ සහය නොලැබෙන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article