මිගමුවේ මහසභා රැස්විම මාධ්‍යවේදීන්ට දැනුම් දිමට අකමැති කව්ද ?

0
417

ඊයේ දින ( 09 )වැනි දින (09/10) ඔක්තෝබර් මාසයට අදාල මීගමුව මහා නගර සභාවේ මාසික මහා සභා රැස්වීම පැවැත්විණි.

එහෙත් මීගමු නගර සභා පාලනය, මාලිමා පුනරුද ආණ්ඩුව ජයග්‍රහණය කළ කාලයේ සිටම මාසික මහා සභා රැස්වීම් පැවැත්වෙන දිනය පිළිබඳව ජනමාධ්‍ය වෙත නොදැන්වීම නිසා එම මහ සභා වාර්තා කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ට දැඩි අපහසුතාවයන්ට ලක්වීමට සිදුව තිබේ. මේ පිළිබඳව එම මාධ්‍යවේදීන් වතා කීපයකදීම නගරාධිපතිවරයාටත්, කොමසාරිස්වරිය ඇතුළු ඒ සඳහා වගකිවයුතු නිලධාරීන්ට දන්වා තිබිණි. පසුගිය පොහොට්ටු ආණ්ඩුව බලයේ සිටි කාලය නම් මීගමු මහා නගර සභාවේ පැවැත්වෙන මහ සභාවන් පිළිබඳව මාධ්‍යවේදීන් හට කලින්ම දැනුවත් කර මාසික මහා සභාව පවත්වාගෙන යෑම සඳහන් නිකුත් කළ න්‍යායපත්‍රයද මාධ්‍යවේදීන්ට ලැබෙන්නට කටයුතු සලස්වා තිබිණි. දැන් බලයට පත්වී ඇති මාලිමා පුනරුද ආණ්ඩුව එලෙස කලින් න්‍යායපත්‍ර ලබාදීමක් හෝ කලින් දැනුවත් කිරීමක් හෝ සිදු නොකරයි. මෙයින් එම මහ සභාවන් වාර්තා කිරීමට නොහැකි වන අතර මීගමු මහා නගර සභාවේ සිදුවන දේ පිළිබඳව නගරයේ බදු ගෙවන ජනතාවට නිසි ලෙස දැනුවත් වීමට මේ හේතුවෙන් බාධාවන් මතුවේ

මීගමු මහා නගර සභාවේ සිදුවන මේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කරුණු පහදන හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇන්ටන් ජයවීර මහතා ප්‍රකාශ කරන්නේ, මහා සභාවක් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් කැඳවීම සම්බන්ධව වගකීම ඇත්තේ නාගරික කොමසාරිස්වරියට බවය. කොමසාරිස්වරිය නොමැති නම් එය නාගරික ලේකම් ඉටුකළ යුතු බව ඔහු පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here