මාලිමාව මැතිවරණ වලට පෙර සිටම කියන්නට පටන් ගෙන තිබුනේ සිස්ටම් චෙන්ජ් කිරිම ඔවුන්ගේ දේශපාලනයේ අංක එකෙ කාරණය බවය.
ගෝඨාගේ පාලනය එලවා දැමු ජන අරගලය තුලද මතුව ආ ප්‍රධානතම කරුණ වුයේද දැන් රටට සිස්ටම් චෙන්ඡ් එකක් ඇවැසි බවය,
දැන් මාලිමාව මැතිවරණ තුනක්ම ජයගෙන හමාරය.
එහෙත් ගැටළුව වන්නේ රටතුල වැඩකටයුතු සිදුවිවෙමින් ඇත්තේ සිස්ටම් චේන්ජ් කරන දිසාවටද යන කරුණයි.
මිගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක වුයේ පළාත් පාලන නීතිය නොව පවුලක නීතියයි.
ඒ පසුබිම තුල මිගමුව පාලනය කරනු ලැබු ඇත්ත දේශපාලන අධිකාරිය තිබුනේ මහනගර සභාව තුල වැල්ලවිදියේය.
දැන් ඒ සියල්ල හමාරය.
දැන් මිගමුව තුල පළාත් පාලන නිතිය පිළිවෙලකට ස්ථාපිත කළයුතුව තිබේ.එහෙත් ගැටළුව වන්නේ ඒ පිිළිබදව මාලිමාමේ අතිබහුතරයක් මන්ත්‍රිවරුන්ට සහ මන්ත්‍රිවරියන්ට අවබෝධයක් ඇත්තේද යන්නයි .
පළාත් පාලන නිතිය තුල කාරක සභා පවතින්නේ අදාල විෂය ක්ෂේත්‍රයට අදාල මහසභාවට නිර්දේශ ලබා දිම සදහාය.
තින්දු තිරණ ගැනිම ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරිම නගරාධිපති සහ මහසභාවේ වගකිම වේ .
තතු එසේව තිබියදි අද උදෑසනම මාලිමා මන්ත්‍රිවරුන් 10 ක පමණ පිරිසක් නගර සභාවට රැස්ව සිට ඇත.
කොච්චිකඩේ දෙසට කුණු කසල රැගෙන යන ට්‍රැක්ටර් රියදුරන්ටද නියෝග ලැබි තිබුනේ වැඩ නවතා මේ මන්ත්‍රිවරුන්ට ඇහුම්කන් දිමටය.
මේ ට්‍රැක්ටර් දුවන ප්‍රදේශවලට අයත් මන්ත්‍රිවරුන් මේ පිරිස බවත් ඒ අය කියන පරිදි මේ සේවකයන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ වි ඇතැයි දැනගන්නට ඇත.
බනිස්ද කිරිපැකට්ද බෙදා දිමටද ඇතැම් මන්ත්‍රිවරුන් කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණි. මිට පෙරදින බුරියානි බෙදු බවටද රාවයක් මහනගර සභාව තුල පැවතුනි.
කම්කරුවන්ට දැන් මචං කියා අමතන මන්ත්‍රිවරුන්ද සිටින බව සැලය.
කම්කරුවන් වැඩකළ යුතුව ඇත්තේ මන්ත්‍රිලාගේ ඔඩර්ස් වලටද නැත්නම් දැනටමත් ස්ථාපිතව ඇති සිස්ටම් වලට අනුවද ?
දැනට ඇති සිස්ටම් මදි නම් අදාල කාරක සභාවන් වලදි සාකච්ජා කළ යුතුව ඇත්තේ ඒවා තවත් දියුණු කිරිමටය. ඊට අදාල නිර්දේශ මහ සභාවට දැනුම් දිමටය.
එසේ නැතිව මන්ත්‍රිලා විසින් කම්කරුන්ට ඕඩර්ස් දිම අප තේරුම් ගන්නේ කෙසේද ? පවුලක් මිගමුව පාලනය කරන විට සිදුව තිබුනේ මෙයම නොවේද ?
කළ යුතුව ඇත්තේ සියලු දෙනා විනය ගත හැකි කළ හැකි ආකාරයට සිස්ටම් හැදිමය . .
මේ සිදුවන්නේ කුමක්දැයි අදාල ක්ෂේත්‍රවල නිලධාරින්ද දෑස් අයාගෙන බලා සිටි බවද වාර්තා විය.












