මිගමුවේ යතුරු පැදි හොරකම් වැඩිවෙයි ?

0
696

පසුගිය 22 වනදා මීගමුව, පෙරියමුල්ල color Light අසල සිදු වූ යතුරු පැදි සොරකමේ cctv දර්ශනය සමාජ මාධ්‍ය ඔස්සේද පළව තිබුණි.

මේ යතුරු පැදියේ අයිතිකරු වන Sisira Liyanawatta මිගමුවේ දරුවන්ට  සංගීත විෂය උගන්වන  ගුරු භවතෙකි.

කලර් ලයිට්  සමීපයේ පාර අද්දර තැනක සිය යතුරු පැදිය නවතා  අසල ඇති වෙලදසැලට යන අවස්ථාවේ දී බයිසිකලය හා එහි තබා තිබෙන නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය (රු 10,000 ට +) කිසියම් අයෙකු විසින් සොරා ගන්නා අන්දම CCTV දර්ශන වල ඇතුලත්ය.

මේ අතර පසුගිය ඔක් 16 වෙනිදා අලුයම මිගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ යතුරු පැදියක්ද ඔහුගේ නි⁣වසේ නතර තබා තිබියදි සොරා ගෙන තිබේ.

මේ අනුව බලන කළ මේදිනවල තැන තැන යතුරු පැදි සොරාගැනිම් වැඩිවිමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කර තිබේ.

මේ සොරා ගැනිම් සම්බන්ධයෙන් යම් තොරතුරු වෙතොත් අදාල පොලිසිවලට ඔබේ සහය ලබාදෙන්න.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here