..
මීගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ 2026 වර්ෂයට අදාළව ගෘහස්ත දේපළ සඳහා අය කරන වරිපනම් බදු ප්‍රතිශතය 01% කින් වැඩි කර තිබේ.
මෙම වරිපනම් බදු ප්‍රතිශතය මෙලෙස වැඩි කිරීම සම්බන්ධව මීගමු මහා නගර සභාවේ සැප්තැම්බර් මාසයට අදාළව අද දින (09/09/2025) පෙරවරුවේ පැවති මහා සභා රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කළේ නගරාධිපති රොබට් හීන්කෙන්ද විසිනි.
එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මේ අනුව 2025 වර්ෂයේ මීගමුව මහා නගර සභා ප්‍රධාන කාර්යාලයට අයත් ( මීගමුව නගර සීමාව තුළ ) ඇති ගෘහස්ථ දේපළ සඳහා පමණක් මෙලෙස මෙම වැඩි කිරීම සිදු කරන බවයි. ඒ අනුව මීගමු මහා නගර සභා ප්‍රධාන කාර්යාල සීමාව තුල ස්ථාපිත ව්‍යාපාර දේපළ සඳහාද, එලෙසම අනෙකුත් උප කාර්යාල සීමාවන්වල පිහිටි එනම් කොච්චිකඩේ හා තලාහේන සීමාවේ ඇති ගෘහස්ථ හා ව්‍යාපාරික දේපළ සඳහා ද මෙම වැඩි කිරීම සිදු නොවන අතර එම පරිපනම් බදු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවද ඔහු පැවසීය. ඒ අනුව මීගමූ නගර සභා ප්‍රධාන කාර්යාල සීමාවේ පිහිටි ගෘහස්ථ දේපළ සඳහා අයකරන වරිපනම් ගාස්තුව 07% සිට 08% දක්වා මේ අනුව වැඩි වන අතර මේ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ද ලැබී ඇති බවත් නගරාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ දයාල් නිලංග නාගරික මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ,වරිපනම් බදු වැඩි කිරීම පිළිබඳව තම විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි. ඔහු එහිදී ප්‍රකාශ කළේ මාලිමා පක්ෂය බලයට පැමිණීමට පෙර ප්‍රකාශ කළේ බදු වැඩි කිරීම සිදු නොකරන බවත්, බදු වැඩි කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි. එලෙසම බදු නොගෙවන විශාල පිරිසක් සිටින බවත්, එලෙස බදු නොගෙවන විශාල පිරිසක් සිටියදී, බදු ගෙවන ජනතාවට, තවත් එම බදු වැඩි කිරීම අසාධාරණයක් බවත්, ඒ අනුව මෙලෙස බදු වැඩි කිරීමෙන් අසරණ ජනයා තවත් පීඩාවට පත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය. එනිසා තමා මේ යෝජනාවට විරුද්ධ බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී ආණ්ඩු පක්ෂයේ සංගීත් පෙරේරා නාගරික මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ලොව සෑම රටක්ම පාහේ බදු වලින් තම ආර්ථිකයන් නිසි ලෙස පවත්වා ගෙන යාමට යම් දායකත්වයක් ලබාගන්නා බවයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ මෙය මාලිමා පක්ෂයේවත්, නගරාධිපතිවරයාගේ පෞද්ගලික අභිමතාර්ථය පරිදි සිදු කරනු ලබන වැඩි කිරීමක් නොවන බවයි. එලෙසම ඔහු ප්‍රකාශ කළේ මීගමු මහා නගර සභා ප්‍රධාන කාර්යාල සීමාව තුළ ඇති ( මීගමුව නගර සීමාව තුළ) දේපළ වල වාණිජ වටිනාකම ද මේ වන විට වැඩි වී ඇති බවත්, ඒ අනුව මෙම 01% ක ප්‍රමාණය වැඩි කිරීම තුළින් ලැබෙන මුදලින් බල ප්‍රදේශය තුළ සිටින සියලුම ජනතාවට මීගමු මහා නගර සභාව තුළින් සිදුවන සුභ සාධන ඇතුළු අනිකුත් සේවාවන් සඳහා යෙදවෙන බවත්, ඒ අනුව මෙම වැඩි කිරීම සාධාරණ බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ මොහාන් නාගරික මන්ත්‍රීවරයා පැවසුවේ බදු නොමැතිව රටවල් පවත්වාගෙන යා නොහැකි බවයි. මේ සඳහා විරුද්ධ වන දයාල් නිලංග නාගරික මන්ත්‍රී වසර 15 ක් පමණ කාලයක් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස මෙම සභාවේ සිටි බවත්, පසුගිය පාලන කාලයනි තුළ නගර සභාවෙන් සිදු කරන ලද සමහර අසාර්ථක ව්‍යාපෘතිය නිසා සභාවේ මුදල් කෙතරම් ප්‍රමාණයක් නාස්ති වී ඇති අතර එලෙස නිරපරාදේ සභාවේ මුදල් වැය කරන විට ඒවාට විරුද්ධත්වය ප්‍රකාශ නොකළේ මන්දැයි ඔහුගෙන් එහිදී ප්‍රකාශ කළේය.
විපක්ෂයේ දිලිනි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය මෙහිදී ප්‍රකාශ කළේ මෙලෙස බදු වැඩි නොකර, හිඟ වරිපනම් බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව ඇය ප්‍රකාශ කළේ මෙතෙක් අය කර නොගත් විශාල හිඟ බදු මුදල් ප්‍රමාණයක් නගර සභාවට අය කර ගැනීමට ඇති බවයි . ඒ අනුව තමා මෙම යෝජනාවට විරුද්ධ බව ඇය ප්‍රකාශ කළාය.
ආණ්ඩු පක්ෂයේ බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති නාගරික මන්ත්‍රීවරිය කලේ මීගමු නගර සභාවේ සේවකයන් 100ක් පමන ප්‍රමානයක් වැටුප් ලබන බවත්, එහෙත් කිසිදු කාර්යයක නිරත නොවන බවයි. ඔවුන්ගෙන් මහා නගර සභාවට කිසිදු සේවාවක් සිදු නොවන බවත්, එහෙත් ඔවුන් නගර සභා සේවකයන් ලෙස බඳවාගෙන ඇති බැවින්, සභාව ඔවුන්ට ද වැටුප් ලබා දිය යුතු බවත් ඇය සඳහන් කළේය.එවැනි තත්ත්වයක් තුළ එලෙස කිසිදු වැඩක් නොකරන පිරිසකට පවා වැටුප් ගෙවීමට අති නිසාත්, අනෙකුත් සුභ සාධන සේවාවන් සැලසීම සඳහාත්, මෙලෙස මීගමු මහා නගර සභාවට බදු ආදායම් වැඩි කරගත යුතු බවද ඇය ප්‍රකාශ කලාය. ඒ අනුව ඇය පැවසීමේ සාධාරණ යෝජනාවක් බවත්, එම යෝජනාවට ඇය එකඟ වන බවයි.
ආණ්ඩු පක්ෂයේ ඊ.ඒ.අයි. කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ මෙම බදු ප්‍රතිශතය වැඩි කිරීම සාධාරණ බවත්, මේ ජනතාවට අසාධාරණයක් නොවන බවයි. පෙර කාලවලදී ජනතාව බදු ගෙවීම පැහැර හැරියේ, එම මුදල් පාලකයන් විසින් සොරාකන නිසා බවත්, මේ වන විට ජනතාව එලෙස නොසිතන බවත්, බදු ගෙවීමට පෙර කාලවලදී මෙන් නොව ජනතාව මැලි නොවන අතර ජනතාව කැමැත්තෙන්ම බදු ගෙවන බවත්, ප්‍රකාශ කළේය. මේ වන විට ජනතාව බදු ගෙවන්නට පෙළඹී ඇති බවත් එලෙස බදු ගෙවන ජනතා ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇති බවද පැවසීය.
තවත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළ අතර මෙම යෝජනාව සභා සම්මත කිරීම සඳහා එහිදී ඡන්ද විමසීමක් සිදු කරන ලදී
ඒ අනුව මීගමුව මහා නගර සභා ප්‍රධාන කාර්යාල සීමාව තුළ ගෘහස්ථ වරිපනම් බදු ප්‍රතිශතය 01% කින් වැඩි කිරීමට පක්ෂව ඡන්ද 35 ක් ද, එයට විරුද්ධව ඡන්ද 12 ක්ද ලැබුණු අතර. එක් මන්ත්‍රීවරයකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර, විපක්ෂයේ සකාවුල්ලා නාගරික මන්ත්‍රීවරයා අද දින පැවැත්වූ මාසික මහා සභා රැස්වීමට සහභාගී නොවුණි. ඒ අනුව වැඩි ඡන්ද 23 කින් එම යෝජනාව සභා සම්මත විය.












