මිගමුවේ පුනරුදය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරපු අපේක්ෂකයෝ දෙන්නම දැන් ඉන්නේ කලකිරිමක වගේ තමයි පේන්නේ
ඒ විතරක් නෙමේ එයාල දැන් පුනරුදයත් එක්ක ලොකු ගණුදෙනුවක නෑ වගේ කියලත් හිතෙනව.
එහෙම වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්.
කොහොම උණත් අරුණ ශාන්ත ලගදි අපටත් එවල තිබුන වැදගත් කෙටි සටහනක් අපි වෙබ් එකේ citizen page එකේ පළකළා.
අරුණ මතුකරල තියෙන කාරණය ගැන දැන් ලොකු සංවාදයකුත් යනව.
ඇත්ත මිගමුව ගොඩදාන්න පුලුවන් ප්‍රධානතම ආර්ථක කාරණ දෙක තමයි ධිවර කර්මාන්තයයි සංචාරක ව්‍යාපාරයයි.

හැබැයි තිත්ත වුනත් ඇත්ත කියන්න වෙනව මාලිමාවට නම් මේ දෙකම සංවර්ධනය කරල මිගමුව ගොඩදාන්න පුලුවන් විදිය ගැන පැහැදිලි අදහසක් ,සැලැස්මක් තියෙනවද කියල සැකයි.
එහෙම කරන්න අවංක උවමනාවක්වත් නැද්ද කියල හිතෙන්නේ ඒ ගැන අඩුම තරමෙ දන්න කියන අයත් සම්බන්ධ කරගෙන අඩුම තරමේ සංවාදයක්වත් ගොඩ නගන බවක්වත් පේන්නේ නැති නිසා
වෙන නගරයකට නැති ලොකුම චාන්ස් එක තියෙන්නෙ මිගමුවට
මොකද සංවාරකයෝ රටට ඇතුලු වෙන්නේ කටුනායකින් ආයේ යන්නෙත් කටුනායකින්.
මිගමුවට කිලෝ මිටර් කීයද ?
පහුගිය ලංසා පාලනය විසින් මිගමුවේ සංවාරක කර්මාන්තය විනාශම කරල දැම්ම.
ගද ගස්සල සුද්දන්ට මිගමුව එපා කෙරුව්වෙ .
හැබැයි මෙයාල ඇවිත් අවුරුදු දෙකක් වුනා .මෙයාල මොකද කලේ.
මිගමුවෙ සුද්දන්ට බලන්න තියෙන ප්‍රධානම තැන් අතර ලෙල්ලම් වලට තියෙන්නෙ ලොකු ආකර්ෂණයක්.
හැමදාම බස් පිටින් සුද්දෝ එනව මිගමුවේ ලෙල්ලම් බලන්න.
එහෙම කියල එයාලට මේ ආකර්ශනය වැඩිකරන්න පුලුවන් විදියේ සැලැස්මක් හදන්න මාලිමාව කල්පනා කරල තියෙනවද ?
සිස්ටම් චේන්ජ් ඉස්පොල්ලෙ ගිහින්ද කියල අහන්න වෙන්නෙ මිගමුවේ මංකුලියේ ලෙල්ලම් ලග තියෙන පාරේ අඩුම තරමේ සුදු ඉරවත් පේන්න තාම ඇදගන්න බැරිවෙලා තියෙනව.
පොලිසියේ මහත්තුරුත් කියනව කමිටු වලදි මේක ගැන හැමදාම කියනවලු .ඒත් කිසි දෙයක් වෙන්නෙ නැ කියල.
ඇත්ත ලෙල්ලම ලග පාන්දර දෙකේ වගේ ඉදන් කී දාහක් ගැවසෙනවද ?
පේරුවේ ඉන්න පුනරුද මන්ත්‍රීලටවත් මේව පේන්නේ නැද්ද?
මාලිමාව මෙි අවට මොනවද වැඩිකරල තියෙන පහසුකම්
පොදු වැසිකිලි, ATM මැසින් ,
වැඩක් නැ කියල
හරි නම් විදේශිකයන්ගේ ආකර්ෂණය වැඩි කරන්න වෙනම තොරතුරු ඒකකයක් , එයාලට මෙතන පෙන්වන්න මගපෙන්වන විස්තරයක් දෙන තැනක් වගේ තවත් කොච්චර දේවල් කරන්න පුලුවන්ද
එන හැම විදේශිකයෙකුට ලෙල්ලම් , මිගමුවෙි ධිවර කර්මාන්තය ගැන පුංචි කොලයක් නගර සභාවේ නමින් දෙන එකත් කොච්චර වැදගත් වෙන්න පුලුවන්ද ?
වැඩේ කියන්නේ එහෙම නිර්මාණශිලි වැඩකරන්න දැක්මක් දැනුමක් ඇත්ත ආදරයක් ඕනනේ.
ධිවර සහ සංවාරක වැඩේ භාර ලොකුවට හිතට අරන් ඉන්න වැඩබැරි ටාසන් වරියකුත් ඉන්නව නේද?
මිගමුව භාරව ඉන්න නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නට ලොකු වගකිමක් තියෙනව මේව ගැන හොයල බලල මිගමුව ගොඩදාන්න පුලුවන් මට්ටමට සංචාරක කර්මාන්ත දියුනු කරන්න.




















