මීගමුවේ දැවැන්ත ජාවාරමක් බවට පත්ව ඇති මත්කුඩු සමගින් මත්පෙති අලෙවියද සිඝ්‍ර ලෙසින් ඉහල යමින් තිබේ. මේ අතර මිගමුවේ ඇතැම් ඔසු සැල් හිමිකරුවන්ද වේදනා නාශක ලෙස භාවිතා කරනු ලබන ඇතැම් කරල් වර්ග මත්විම සදහා රහසිගතව අලෙවි කරන ජාවාරමක්ද ක්‍රියාත්මක කරමින් සිටිති.
මෙම ජාවාරමට සම්බන්ධ ඇතැම් ඔසුසැල් හිමියන් මාස කිපයක් ඇතුලත් කෝටිපතියන් බවට පත්ව ඇති බවට වු සාක්ෂිද මිගමුවේම ඇත.
මේ අතර පසුගිය දිනක වන දා මිගමුව පාන්කඩ හංදියේ ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට ගෙන තිබුනේ මත් ලෝලින්ට ලබාදිම සදහා වේදනා නාශක ඖෂධ 2000 කට ආසන්න ප්‍රමාණයක් ලග තබාගෙන සිටියදිය.
මෙම තැනැත්තා කලක සිට මෙම ජාවාරමට සම්බන්ධ අයෙකු බවට ප්‍රකට අතර අවස්තා කිපයකදිම ඔහුව අත්අඩංගුවට පත්ව තිබුණි..
මෙයට අමතරව මිගමුවේ පමණක් සීදුව ප්‍රදේශයේද මෙවැනි කුප්‍රකට ජාවාරම්කාර ඔසුසැල් හිමිකරුවෙකුවද අවස්තා ගණනාවකදි අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් මාධ්‍ය අවස්ථා ගණනාවකදිම වාර්තා කරන්නට යෙදුණි.












