මිගමුවේ සහනාධාර බෙදිම මෙහෙයවන්නේ තමන් යැයි පුනරුද නාගරික මන්ත්‍රිවරියක් ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබේ.
විපතටපත් ජනයාට සහන සැලසිම දේශපාලණිකරණය නොකල යුතු පසුබිමක ඇගේ මේ හැසිරිම පුනරුද දේශපාලනයේ ප්‍රතිපත්තියද යන ප්‍රශ්ණය මිගමුවේ ජේෂ්ඨ පුද්ගලයන් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන්ද ප්‍රශ්න කරමින් සිටිති.
මේ අතර negombotoday.lk වෙබ් අඩවියට ප්‍රකාශයක් කරන නගරාධිපති රොබට් හීන්කෙන්ද පවසා තිබුනේ නගාරික කොමසාරිස්තුමිය සියළු කටයුතු සම්බන්ධීකරණය කරන බවය.
negombotoday.lk මෙසේ එය සටහන් කර තිබුණි.
මීගමුවේ පවුල් 1909 ක පුද්ගලයන් 7969 දෙනෙකු අවතැන් වී ඇති බවත් සමහර නිවෙස්වල ඉතිරිවී ඇත්තේ ගොඩනැගිල්ල පමණක් බවත්පැවසූ නගරාධිපති වරයා. සියලුම පරිත්‍යාග නගර සභාවේ ප්‍රධන කාර්යාලයට පමණක් ගෙනවිත් බාරදෙන ලෙසත් එම කටයුතු සම්බන්ධීකරණය සදහා 0312222262 යන දුරකථනය ඔස්සේ නාගරික කොමසාරිස් වරිය අමතන ලෙසද ඉල්ලා සිටියේය
හිටපු ජවිපෙ නාගරික මන්ත්‍රි ගාමිණි වැනි මිගමුව තුල ආදරණිය නිහතමානි දේශපාලන චරිත සහ මාලිමාව හරහා පූට්ටු වු මිගමුවේ ඇතැම් නාගරික මන්ත්‍රිලා කොයිතරම් නම් අදේශපාලනික පුහු චරිතදැයි කදිමට සැසැදිය හැකිව තිබේ.
ඒ වෙනස අහසට පොළව තරම්ය.
නගරාධිපති රොබට් හීන්කෙන්දට ප්ලේන් එකක් හැදිමට යැයි කියා මයිනර් කෑලි ටිකක් ලැබි ඇත.ඔහු අද පත්ව සිටින්නේ එවැනි අර්බුදයකය.












