spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ SPA කිසිවක් ලියාපංචි කර නැති බව හෙළිවෙයි.

Must read

 

මිගමුව තුල පවත්වාගෙන ගිය SPA 53ක් පවත්විගෙන ගිය අය මෙන්ම එවායේ සේවය කරමින් සිටි තරුණියන් 137දෙනෙකුද අත්අඩංගුවට ⁣ගෙන තිබුණි .මිගමුවේ මසාජ් පාලර් සම්බන්ධයෙන් ඇත්තේ දිගු ඉතිහාසයකි.ඒ බොහොමයක් හා  බැදුන මිගමු දේශපාලන පවුලක් ගැනද නිතර සඳහන් විය.
කතෝලික පල්ලිය පවා අවස්ථා ගණනාවකදි මේවාට එරෙහිව විරෝධතා දක්වා තිබේ.

කෙසේ වෙතත් ස්පා ආයතන ක්‍රියාත්මක කරන ව්‍යාපාරිකයන්ට ඇති දේශපාලන සම්බන්ධතා නිසා හෝ ඇතැම් ප්‍රදේශ වල පොලිස් නිලධාරින් පවා මේ තැන් වලින් කප්පම් ගැනිම් පවා සිදුකරමින් තිබුන  පසුබිමක රටේ මුලික නීතිය ගැනවත් කිසිදු තැකිමකින් තොරව මිගමුව තුල මේවා ක්‍රියාත්මකව පැවැති බව දැන් කිසිවෙකුටත් රහසක් නොවේ.

මේ අතර මිගමුව නාගරික කොමසාරිස්වරයා පවා කියා තිබුනේ මේ කිසිදු ස්පා ආයතනයක් මීගමු මහා නගර සභාවේ ලියාපදිංචි කර නැති බවය. SPA ආයතනද යම් ආකාරයකින් ව්‍යාපාරයක් වන නිසා නගරය ආශ්‍රිතව ආරම්භ කරන එවැනි ස්පා ආයතනයක් අනිවාර්යයෙන්ම මහ නගර සභාවේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි විය යුතුව තිබේ.

එහෙත් මේ කිසිදු SPA  ආයතනයක් මහ නගර සභාවේ ව්‍යාපාර ලෙස ලියාපදිංචි කර නොමැත. ඒ නිසා මහ නගර සභාවට මේවා නියාමනය කිරීමටද නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

මෙහිදි අප අමතක නොකළ යුතු කරුණක් තිබේ.එනම් මිගමුවේ සකලාකාර දුෂිත හා නිතිවිරෝධි ක්‍රියාවන් සඳහා එක් දේශපාලන පවුලක උපරිම රැකවරණය ලැබි තිබුන බවය.දශක එකමාරකටත් වඩා වැඩි කාලයක් මිගමුව පාලනය කර තිබුනේ මේ දේශපාලන පවුලය.

කිසිදු නීතියකට යටත්නොවි අනිතිකය මේවා පවත්වාගෙන ගොස් ඇත්තේ ඒ දේශපාලන හයිය නිසා විය යුතු බව දැන් වඩාත් පැහැදිලිය.

ලියාපදිංචි නො⁣ව් මිගමුවේ වෙනත් අයට ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යා හැකිද?මිගමුව මහනගර සභාව පවා මේවා ගැන නිහඬව සි⁣ටියේද මේ දේශපාලන පවුලේ උවමනාව නිසාද.

මිට වසර කියකට ඉහතදි සිදුව නගර සභාව විසින් එහි ලියාපදිංචි කර නොතිබු SPA ආයතන වසා දැමිමට පියවර ගෙන තිබුනි.ස

සීදුවේ නගර පාලනය එසේ කරද්දි මිගමුවේ එවැන්නක් සිදුනොවුයේ ඇයිදැයි දැන්ඉතා පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article