මිගමුව දූව පිටිපන ලෙල්ලම මාර්ගයේ අනතුරුදායක වලක්

0
318

 

මිගමුවේ දූව පිටිපන ලෙල්ලම් පිහිටා ඇති මාර්ගයේ අනතුරුදායක වලක් ගැන එහි වාහන නවතා තබන අය මේ දිනවල කතා කරමින් සිටිති.

දිනපතා සිය ගණන් වාහන නවතා තැබෙන මේ මාර්ගයේ අයිනකට වන්නට ඇති මේ වල වැසී යන තරමට වල්ගස් වැවී තිබිම නිසා තත්වය තවත් භායනක බව වාහන රියදුරන් පවසා සිටිති.

මේ   වල ගැන මිට කලින් නොදැන ඒ ආසන්නයේ සිය වාහනය නවතා තැබිමට එන අයට මෙය සැබැවින්ම බරපතල අනතුරුදායක තත්වයක් නිර්මාණ කර දි තිබේ.

දිනපතා වාහන සිය දහස් ගණන් එහා මෙහා යන හෙයින් මෙහි වාහන නවතා තබන අය පාර අයිනටම කර සිය වාහන නවතා තබන්නට සැමවිටකම කටයුතු කරන්නේ වාහන දෙකකට පාරේ එහා මෙහා යන්නට ඉඩකඩද සලසා දිය යුතු නිසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here