( 11.00 am ) මිගමු බස් නැවතුම ඉදිරිපිට මී ගස් හිටවන්න ආපු මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මරු කතාවක් කියල තිබුන.
..”අපේ සේවක මහතුන් බස් නැවතුම් නැවතුම්පොළ අසල පොදු වැසිකිළි භූමියට ආසන්නව තිබෙන කුණු කසල ගොඩ ඉවත් කිරීමේදී එම කුණු කසල ගොඩේ මූත්‍රා පිරවූ ප්ලාස්ටික් බෝතල් බොහොමයක් එකතු කර තිබෙනවා,වැසිකිළියට ගොස් සුළු මුදලක් ගෙවා මූත්‍රා නොකර ප්ලාස්ටික් බෝතල් වලට එය බැහැර කර පරිසරයට මුදා හැරීම කෙතරම් අප්‍රසන්න වැඩක්ද,ඒ තැනැත්තා මුළු සමාජයටම බරක් නැද්ද,එබැවින් අද වැනි දිනක ඔබ පුරවැසියෙකු වශයෙන් මෙහි ජීවත් වන විට පරිසරය සුරකීම සඳහා දායකත්වය දිය යුත්තේ කෙසේදැයි හෘද සාක්ෂියට එකඟව සිතා බලන්න,..”යැයි ඔහු අවධාරණය කර තිබුණා.
මිගමුව බස්නැවතුම හදපු වෙලාවේ ඕකේ වැසිකිලි පද්ධතිය හැදුවේ අති නවින ක්‍රමයකට.අපට මතක විදියට ඒකට දාල තිබුනේ සෙන්සර් සිස්ටම් එකක්.හැබැයි වැඩි දවසක් යන්න කලින් මේව කාබාසිනියා කළා ඒව පාවිච්චි කරපු අයම.
දැන් සල්ලි දිල මුත්‍රාකරන්න යන්න බැරි හින්ද හරි වෙන මොකක් හෝ හේතුවත් හින්ද දැන් මෙයාල මුත්‍රාත් බෝතල් කරනව.
පී. එස් ප්‍රනාන්දු












