මිගමුව රෝහලේ සැකකාර වෛද්‍යවරයාට ඇප ! නඩුව ඔක්තෝබර් !…

0
221

 

මීගමුව, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සීදූව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදු කලේ යැයි චෝදනා එල්ල වූ මීගමුව රෝහලේ සේවයේ නියුතුව සිටි මෙම වෛද්‍යවරයාව පසුගිය 16 වැනිදා (16/06 ) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබිණි.

එම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එකී තරුණියට අදාල සැකකාර වෛද්‍යවරයාව හඳුනා ගැනිමට නොහැකි වු බව වාර්තා විය.. ඒ අනුව මෙම සැකකාර වෛද්‍යවරයාට ඇප ලැබි තිබුන අතර මිලඟ නඩු විභාගය ඔක්තෝබර් මාසයට කල් ⁣ගොස් තිබේ.

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මෙම තරුණියට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබුණේ , ඒ අවස්ථාවේදී රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතුව සිටි මෙම සැකකාර වෛද්‍යවරයාගෙනි. ඒ අනුව එහිදී එම තරුණියට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් තරුණියට ලිංගික අතවරයක් සිදු කලේ යැයි කියන එම සිදුවීම වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු 31 (31/03)වනදාය

ඒ අනුව පසුදින එනම් අප්‍රෙල් මස 01දින (01/04) මෙම තරුණිය විසින් මීගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි.

තවද මෙම තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ 02 කටද පෙනී සිට ඇති අතර ඉන් එක් මීගමුවේද, අනෙක් පරීක්ෂණය කොළඹදී ද සිදුකර තිබේ.

මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව රෝහල් පාර්ශවයෙන් සහ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන්ද වෙන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මෙම වෛද්‍යවරයාට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබිණි.
තවද දින 60 ක් එනම් මාස 02 ක පමන කාලයක් මෙම සැකකාර වෛද්‍යවරයා පොලිසිය සහ අධිකරණය මඟහැර කට්ටි පනිමින් සිට ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

කෙසේ වුවද පසුගිය 02 දින (02/06) මෙම සැකකාර වෛද්‍යවරයා මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර විය. ඒ අනුව එදින සිට දින 14 ක් හෙවත් සති 02 ක කාලයක් එම වෛද්‍යවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here